ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවක් මගින් මීගමුව වෙරළ තීරයට ගෙන එන ලද රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් (රු. කෝටි 1.7) පමණ වටිනා කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අද (21) දහවල් මීගමුව සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලොරි රථයකින් කුරුණෑගල ප්‍රදේශය බලා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන යමින් සිටියදී මීගමුව, මහහුනුපිටිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.
සුරාබදු නිලධාරීන් පවසන පරිදි, අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් 85ක් වන අතර ඒවා පැකට් 40ක අසුරා තිබී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි රියදුරෙකු වන අතර, ඔහු සහ මත්ද්‍රව්‍ය තොගය අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මීගමුව සහ ඒ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාලයන් මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ මේ වන විට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.














