ජනාධිපති ලේකම් කාර්යාලය මේ වන විට වාහන 634ක් භාවිත කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී භාවිත කළ වාහන 833ක සංඛ්‍යාවට සාපේක්ෂව වත්මන් රජය එය වාහන 200කින් පමණ අඩු කර ඇති බවයි.
නාස්තිය අවම කරන බවට ලබාදුන් පොරොන්දුව අනුව වාහන 600කට අධික ප්‍රමාණයක් තවදුරටත් භාවිත කරන්නේ මන්දැයි විපක්ෂය නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, රජය පොරොන්දු වූයේ වාහන භාවිතය ක්‍රමයෙන් අඩු කිරීමට බවත් එය දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත්ය. එසේම, ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන 60ක් පමණ දැනටමත් වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබා දී ඇති බව ද මෙහිදී අනාවරණය විය.














