ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මාර්තු මාසයේ මුල් දින 18 තුළ පමණක් සංචාරකයින් 109,410ක් මෙරටට පැමිණ තිබේ. මේ සමඟ 2026 වසරේ ජනවාරි 01 සිට මාර්තු 18 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 666,065ක් දක්වා ඉහළ ගොස් ඇත.
මාර්තු මාසයේ පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් එනම් 25%ක් (27,613ක්) ඉන්දියාවෙන් වාර්තා වන අතර, එක්සත් රාජධානිය (10,111), රුසියාව (9,562), චීනය (9,100) සහ ජර්මනිය (8,258) යන රටවලින් ද සැලකිය යුතු පිරිසක් මෙරටට පැමිණ තිබේ. ගෝලීය වශයෙන් මැදපෙරදිග තෙල් මිල බැරලයකට ඩොලර් 150 දක්වා ඉහළ යාම සහ පිලිපීන ගුවන් සේවය සිය මෙහෙයුම් අත්හිටුවීම වැනි අර්බුද පවතින පසුබිමක වුවද, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ මෙම වර්ධනය ආර්ථිකයට විශාල ශක්තියකි.














