කොළඹ වරායේ පවතින තදබදය අවම කරමින් ආනයන සහ අපනයන ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා කන්ටේනර් රථ වෙනුවෙන් විධිමත් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ රටේ අපනයන ආදායමට බලපෑමක් නොවන පරිදි බහාලුම් ප්‍රවාහනය කඩිනම් කිරීම මෙම පියවරෙහි අරමුණ බවයි.
මෙම වැඩපිළිවෙළ යටතේ අදාළ කන්ටේනර් රථවල QR කේතය ඇතුළු සියලු දත්ත මේ වන විට අමාත්‍යාංශය වෙත ලබාගෙන ඇත. බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේ මේ වන විට රථ 1,325ක දත්ත ලබාදී අවසන් බවත්, ලබන සතියේ සිට එම රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට අමාත්‍යවරයා එකඟ වූ බවත්ය.














