උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල සිට බදුල්ල බලා ධාවනය වූ ‘පොඩිමැණිකේ’ දුම්රියෙන් අද (21) දහවල් විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ඇල්ල සංචාරක නගරය වෙත පැමිණියහ.
මෙලෙස දුම්රියෙන් පැමිණි සංචාරක පිරිස ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැස නගරය වෙත ගමන් කළ අතර, පවතින ගෝලීය තත්ත්වයන් මධ්‍යයේ වුවද මෙරට සංචාරක ක්ෂේත්‍රයේ පවතින සජීවී බව මෙමඟින් මැනවින් පෙන්නුම් කරයි. ඇල්ල ප්‍රදේශයේ පවතින ස්වාභාවික සෞන්දර්යය සහ උඩරට දුම්රිය ගමනේ අත්දැකීම් විඳගැනීම සඳහා විදේශිකයන් මෙලෙස වැඩි වශයෙන් යොමු වී සිටිති.














