ශ්‍රී ලංකා යුද හමුදාවේ අතිවිශේෂ ඒකකයක් වන විශේෂ බලකායේ 57 වැනි මූලික පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන් විසිර යාමේ පෙළපාලිය ඊයේ මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොඩ්‍රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උළෙලේදී මාස 9ක අතිශය දුෂ්කර හා අභියෝගාත්මක පුහුණුවක් නිම කළ නිලධාරීන් 5 දෙනෙකු සහ සෙසු නිලයන් 59 දෙනෙකු සිය විසිර යාම සනිටුහන් කළහ. මෙහිදී දක්ෂතම සිසුන් සඳහා විශේෂ ඇගයීම් පිරිනැමුණු අතර හොඳම ශාරීරික යෝග්‍යතාව සහිත සිසුවා ලෙස ලුතිනන් ආර්.ජී.ටී.ජී. රාජපක්ෂ සහ සමස්ත පාඨමාලාවේ විශිෂ්ටතම සිසුවා මෙන්ම යුද්ධ උපක්‍රම විෂයෙහි දක්ෂතම සිසුවා ලෙස දෙවන ලුතිනන් එල්.ජී.කේ.එම්. ද සිල්වා සම්මාන ලබා ගත්හ. යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විසිර ගිය රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානය විහිදා දක්වන සුවිශේෂී අවස්ථාවක් විය.














