ලෝක වෙළඳපොළේ රත්රන් මිල පහත වැටීමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ද රත්රන් මිල පසුගිය දින තුනය තුළ ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ. වෙළඳපොළ වාර්තාවලට අනුව පසුගිය බ්‍රහස්පතින්දා (19) සිට අද (21) දක්වා කාලය තුළ රත්රන් මිල සමස්තයක් ලෙස රුපියල් 29,000කින් අඩු වී ඇත. බ්‍රහස්පතින්දා දිනයේ රුපියල් 13,000කින් ද, ඊයේ රුපියල් 6,000කින් සහ අද දිනයේ තවත් රුපියල් 10,000කින් රත්රන් මිල මෙලෙස පහත වැටී තිබේ.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ලෝක වෙළඳපොළේ රත්රන් මිල ඇමරිකානු ඩොලර් 5,000 සීමාවෙන් පහළට පැමිණීම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවයි. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම, ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ තෙල් මිල ඉහළ යාම හමුවේ ආයෝජන ක්‍රියාකාරකම් අඩුවීම මෙම මිල පහත වැටීමට බලපා ඇත. කෙසේ වෙතත් මෙය තාවකාලික තත්ත්වයක් බවත්, ලෝක වෙළඳපොළේ තෙල් මිල ස්ථාවර වීමත් සමඟ රත්රන් මිල නැවත ඉහළ යා හැකි බවත් ආර්ථික විශ්ලේෂකයෝ වැඩිදුරටත් සඳහන් කරති.














