මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටාපලෙයි ප්‍රදේශයේ ඓතිහාසික කන්නගි අම්මාන් කොවිල අභියසදී අලුත් සහල් මංගල්‍යය ඊයේ (2026 මාර්තු 23) උත්සවශ්‍රීයෙන් පැවැත්වුණා. සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ප්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියා.
මෙහිදී නව අස්වැන්නෙන් ලබාගත් සහල් යොදාගෙන හින්දු චාරිත්‍රානුකූලව සකස් කළ කිරි සහ හකුරු මිශ්‍ර කිරිබත දෙවියන් වෙත පූජා කිරීම සිදු කෙරුණා. මෙය වසරක් පාසා පවත්වනු ලබන සම්ප්‍රදායික සංස්කෘතික උත්සවයක් වන අතර, මෙවර මුලතිව් දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 30,000කට ආසන්න භූමි ප්‍රමාණයක සාර්ථකව සිදුකළ වී වගාවේ අස්වැන්න වෙනුවෙන් දෙවියන්ට ස්තූති පුද කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මුලතිව් ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් එෆ්. කෙනීජුඩ් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වූ මෙම මංගල්‍යය, උතුරු පළාතේ ගොවි ජනතාවගේ ආගමික සහජීවනය සහ සංස්කෘතික අනන්‍යතාවය මනාව පිළිඹිබු කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.














