එප්පාවල, සඳරැස්ගම ප්‍රදේශයේ නිවසක් අසලට පැමිණි අඩි 10ක් පමණ දිගැති දැවැන්ත කිඹුලෙකු අද (24) උදෑසන ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගනු ලැබීය. තලාව – එප්පාවල ප්‍රධාන මාර්ගයේ සඳරැස්ගම මංසන්ධිය අසල මෙම කිඹුලා සැරිසරන බව දුටු මගියෙකු ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇති අතර, පසුව ඔවුන් එක්ව සතාව අල්ලා පොල් ගසක බැඳ තැබීමට පියවර ගෙන තිබේ.
අනතුරුව වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු උදෑසන 10ට පමණ කිඹුලා විල්පත්තු අභයභූමිය වෙත රැගෙන ගොස් ඇත. අල්ලා ගත් ස්ථානයට මීටර් 200ක් පමණ දුරින් පිහිටි එළියදිවුල්වැව වැවෙන් මෙම කිඹුලා පැමිණෙන්නට ඇති බව ගම්වාසීහු සැක කරති. මෙම සතාව දැකබලා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටි බව වාර්තා වේ.













