• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රායලයේ වධහිංසා පැමිණවීම රාජ්‍ය ප්‍රතිපත්තියක් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ විශේෂඥවරියකගෙන් අනතුරු ඇඟවීමක්

24 March 2026
in පුවත්, විදෙස්
ඊශ්‍රායලයේ වධහිංසා පැමිණවීම  රාජ්‍ය ප්‍රතිපත්තියක් වී ඇති බවට  එක්සත් ජාතීන්ගේ විශේෂඥවරියකගෙන්  අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දශක ගණනාවක සිට දඬුවම් ලැබීමෙන් තොරව පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය ක්‍රියාත්මක කරන ක්‍රමානුකූල වධහිංසා පැමිණවීම්, මේ වන විට එරට ‘රාජ්‍ය ප්‍රතිපත්තියක්’ (State Doctrine) බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ෆ්‍රැන්සෙස්කා ඇල්බනීස් පවසයි. ජිනීවා නුවරදී මානව හිමිකම් කවුන්සිලයට සිය නවතම වාර්තාව ඉදිරිපත් කරමින් ඇය පෙන්වා දුන්නේ 2023 ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායල බන්ධනාගාර පද්ධතිය “ගණනය කළ කුරිරුකම් සිදුකරන රසායනාගාරයක්” බවට පත්ව ඇති බවයි. පලස්තීනුවන්ට එරෙහිව සිදු කෙරෙන මෙම වධහිංසා පැමිණවීම්, අවමන් කිරීම් සහ අමානුෂික සැලකීම් ඊශ්‍රායලයේ ඉහළම දේශපාලන මට්ටමින් අනුමත කර ඇති බවත් විශේෂයෙන්ම ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමර් බෙන්-ග්විර් වැනි ඉහළ නිලධාරීන් විසින් පනවන ලද ප්‍රතිපත්ති හරහා මෙම වධහිංසා පැමිණවීම් ආයතනගත කර ඇති බවත් ඇය චෝදනා කරයි.
වාර්තාවට අනුව 2023 ඔක්තෝබර් සිට මේ දක්වා පලස්තීනුවන් 18,500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර දරුවන් 1,500ක් පමණ සිටින බව සඳහන් වේ. එහිදී ලිංගික හිංසනයන්, කුසගින්නේ තැබීම, ඇටකටු සහ දත් බිඳ දැමීම, පිළිස්සීම සහ සුනඛයන් ලවා පහර දීම වැනි දරුණු වධහිංසා පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති අතර අත්අඩංගුවේ පසුවූ රැඳවියන් 100කට ආසන්න පිරිසක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ. වධහිංසා පැමිණවීම බන්ධනාගාරවලට පමණක් සීමා නොවී බෝම්බ හෙලීම, බලහත්කාරයෙන් අවතැන් කිරීම සහ යටිතල පහසුකම් විනාශ කිරීම හරහා සමස්ත පලස්තීන ප්‍රජාවටම බලපාන පරිදි ව්‍යාප්ත වී ඇති බව වාර්තාවේ දැක්වේ. මෙම ක්‍රියාවන් ජාත්‍යන්තර නීතිය යටතේ සපුරා තහනම් බවත් මෙලෙස වධහිංසා පැමිණවීම පලස්තීනුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන ජන සංහාරයේම කොටසක් බවත් පෙන්වා දෙන ඇල්බනීස් මහත්මිය මේ සම්බන්ධයෙන් වහාම ජාත්‍යන්තර පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) හරහා පියවර ගන්නා ලෙස ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

Post Views: 4
Previous Post

බලශක්ති ආර්ථිකය සංවර්ධනයට විශේෂඥ කමිටුවක්

Next Post

රුපියල් 5,000ට අඩු LankaQR ගනුදෙනුවලදී අමතර අයකිරීම් ඉවත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
රුපියල් 5,000ට අඩු LankaQR ගනුදෙනුවලදී  අමතර අයකිරීම් ඉවත් කෙරේ

රුපියල් 5,000ට අඩු LankaQR ගනුදෙනුවලදී අමතර අයකිරීම් ඉවත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
මෙරට අපනයන ආදායම ඉහළට

මෙරට අපනයන ආදායම ඉහළට

26 March 2026
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව  පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ  දැවැන්ත වර්ජනයක

ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ දැවැන්ත වර්ජනයක

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved