• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ නීති ආධිපත්‍යය බිඳවැටීම ගැන විපක්ෂයේ පක්ෂ නායකයන්ගෙන් ජාත්‍යන්තරයට ඒකාබද්ධ ලිපියක්

25 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ නීති ආධිපත්‍යය බිඳවැටීම ගැන විපක්ෂයේ පක්ෂ නායකයන්ගෙන් ජාත්‍යන්තරයට ඒකාබද්ධ ලිපියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට නීතිඥවරුන්, මාධ්‍යවේදීන් සහ වෘත්තිකයන්ට එල්ල වන බලපෑම් මෙන්ම පොලිසිය දේශපාලනීකරණය වීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් රැසකගේ අත්සනින් යුත් විශේෂ ලිපියක් ජාත්‍යන්තර සංවිධාන වෙත යොමු කර තිබේ. ජාත්‍යන්තර නීති සංගමය, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීති සංගමය ඇතුළු ආයතන කිහිපයකට යොමු කළ මෙම ලිපිය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලිත් ජයවීර සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් අත්සන් තබා ඇත. රට තුළ වෙඩි තැබීම් සහ ඝාතන සිදුවීම් ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන මෙම ලිපිය මඟින් පසුගිය වසරේ පමණක් පුද්ගල මරණ 60ක් සහ මේ වසරේ මේ දක්වා මරණ 9ක් වාර්තා වී ඇති බව අවධාරණය කරයි.
පසුගිය පෙබරවාරි 13 වැනිදා අධි ආරක්ෂිත කලාපයක් අසලදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙහිදී විශේෂයෙන් පෙන්වා දී ඇති අතර, එම ඝාතනයෙන් සුළු වේලාවකට පසු පොලිසිය විසින් එම නීතිඥවරයා අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටි අයෙකු ලෙස හුවා දැක්වීම හරහා එම මිලේච්ඡ ක්‍රියාවේ බරපතළකම අවතක්සේරු කිරීමට උත්සාහ කළ බවට විපක්ෂය චෝදනා කරයි. පොලිස්පතිවරයා ඇතුළු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බැවින් විනිසුරුවරුන්ට සහ නීතිඥවරුන්ට ස්වාධීනව රාජකාරි කිරීමට ඇති බාධාවන් මෙන්ම යෝජිත ත්‍රස්ත විරෝධී පනත හරහා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අවදානමක් පවතින බව ද එහි සඳහන් වේ.
මෙම තත්ත්වය හමුවේ මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍යවේදීන් විශාල අවදානමකට ලක්ව ඇති බව පවසන විපක්ෂ නායකයන්, ජාත්‍යන්තර වෘත්තීය සංවිධාන වහාම මැදිහත් වී මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියි. දේශපාලන මතභේද පසෙකලා විපක්ෂයේ සියලු ප්‍රධාන කණ්ඩායම් එක්ව මෙවැනි ලිපියක් යොමු කිරීම හරහා මෙරට පවතින නීතිය හා සාමය පිළිබඳ තත්ත්වය ජාත්‍යන්තර අවධානයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 4
Previous Post

කටාර් LNG සැපයුම අඩාල වෙයි

Next Post

දිට්වා සුළි කුණාටු පූර්ව සූදානම පිළිබඳ සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ප්‍රථම වරට රැස්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළියේ පළමු ශ්‍රේණියේ  දරුවන්ගෙන් සියයට 60කගේ  මුඛ සෞඛ්‍යය පිරිහෙයි

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය පිරිහෙයි

25 March 2026
ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින්  මැදපෙරදිගට

ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින් මැදපෙරදිගට

25 March 2026
පීට් හෙග්සෙත්ට සාමය එපාලු

පීට් හෙග්සෙත්ට සාමය එපාලු

25 March 2026
කැනඩාවේදී ඉන්දීය ශිෂ්‍යයෙකු  ඝාතනය කිරීමේ චෝදනාවට  18 හැවිරිදි තරුණයෙකු  අත්අඩංගුවට

කැනඩාවේදී ඉන්දීය ශිෂ්‍යයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ  දරුවන්ගෙන් සියයට 60කගේ  මුඛ සෞඛ්‍යය පිරිහෙයි

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය පිරිහෙයි

25 March 2026
ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින්  මැදපෙරදිගට

ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින් මැදපෙරදිගට

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved