පසුගිය මාර්තු 15 වැනිදා තංගල්ල නගර ශාලාවේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ විශේෂ හමුවකට සහභාගී නොවූ ගුරුවරුන් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය පියවර ගෙන තිබේ. තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. එස්. ඩී. කල්‍යාණි මහත්මිය විසින් නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛයක් මගින් අදාළ කලාපයේ සියලුම විදුහල්පතිවරුන් වෙත මේ පිළිබඳව උපදෙස් ලබා දී ඇත.
අදාළ නිවේදනයට අනුව, මෙම රැස්වීමට සහභාගී නොවූ ගුරුවරුන් එසේ සහභාගී නොවීමට බලපෑ හේතු ඇතුළත් වාර්තා හෙට (මාර්තු 26) දිනට පෙර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය. මෙම තොරතුරු නිල අවශ්‍යතාවක් සඳහා කඩිනමින් අවශ්‍යව ඇති බැවින් කිසිදු ප්‍රමදයකින් තොරව අදාළ වාර්තා එවන ලෙස ද විදුහල්පතිවරුන් වෙත දන්වා තිබේ. තංගල්ල කලාපයේ ගුරුවරුන් වෙනුවෙන්ම සංවිධානය කර තිබූ මෙම හමුවට සහභාගී වූ පිරිස් පිළිබඳ තොරතුරු මීට පෙර ද කලාප කාර්යාලය මගින් විමසා තිබුණි.














