මෙරට තරුණ පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ස්විට්සර්ලන්ත රජය එකඟතාව පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය සහ අමාත්‍ය කුමාර ගමගේ මහතා අතර අද (25) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹිණි. තරුණ ප්‍රජාවට වෘත්තීය පුහුණු වැඩසටහන් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා වූ අතර වත්මන් රජය දූෂණයෙන් තොර බැවින් තරුණ කුසලතා වර්ධනය වෙනුවෙන් ඕනෑම වැඩසටහනක් රජය සමඟ එක්ව ආරම්භ කිරීමට සූදානම් බව තානාපතිවරිය මෙහිදී අවධාරණය කළාය.
මේ අතර ඩිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත්කිරීම සහ ආපදා සන්නිවේදන පද්ධති නවීකරණය සඳහා ජපාන රජය ඇමෙරිකානු ඩොලර් 181,837ක මූල්‍ය ආධාරයක් ලබාදී තිබේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) හරහා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ HF රේඩියෝ, අතේ ගෙනයා හැකි රේඩියෝ සහ රිපීටර් ඇතුළු උසස් තත්ත්වයේ සන්නිවේදන උපකරණ ප්‍රදානය කෙරේ. මේ සඳහා වන ගිවිසුමට ජපාන තානාපති අකියෝ ඉසොමතා මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති වරුණ ශ්‍රී ධනපාල මහතා පසුගියදා අත්සන් තැබූහ.














