ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පිටකොටුව තොග වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ පරිප්පු සහ හාල්මැස්සන් ඇතුළු දෛනික පරිභෝජනයට අවශ්‍ය සෑම ද්‍රව්‍යයකම මිල ඉහළ ගොස් ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ පාරිභෝගිකයින් අසාධාරණයට ලක්වීම වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ විමර්ශන මාලාවක් ආරම්භ කර තිබේ.
ඇතැම් වෙළෙඳුන් කෘත්‍රිම හිඟයක් මවා පෑම සඳහා භාණ්ඩ සඟවා තැබීමට සහ අසාධාරණ ලෙස මිල ඉහළ දැමීමට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇත. උත්සව සමය ඉලක්ක කර ගනිමින් සිදුවිය හැකි මෙවැනි අක්‍රමිකතාවන් මැඩපැවැත්වීම සඳහා විමර්ශන නිලධාරීන් සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලදී පවා සේවයේ යෙදවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත.
වෙළෙඳපොළ තුළ සිදුවන ඕනෑම අසාධාරණයක් හෝ අක්‍රමිකතාවයක් පිළිබඳව 1977 යන කෙටි ඇමතුම් අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කරන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කරමින් වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාම මෙම වැටලීම්වල ප්‍රධාන අරමුණ වේ.














