මධ්‍යම කඳුකරයට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම මේ වන විට ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව වාර්තා වන අතර මේ හේතුවෙන් ඉදිරියේදී කුණ්ඩසාලේ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පානීය ජලය සැපයීමේ දැඩි දුෂ්කරතා මතු විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනතුරු අඟවයි. ජලාශයේ ජල මට්ටම මෙලෙස පහත වැටීම නිසා ජල පිරිපහදු මධ්‍යස්ථාන වෙත ජලය ලබා ගැනීමේ ක්‍රියාවලියට බාධා එල්ල වන අතර පවතින උණුසුම් කාලගුණය හමුවේ ජල පරිභෝජනය සීමා කරන ලෙසත් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම වික්ටෝරියා ජලාශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ජල යෝජනා ක්‍රම රැසකට මෙයින් සෘජු බලපෑම් එල්ල වන බැවින් ඉදිරි දිනවලදී ඇතැම් ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට හෝ ජල කප්පාදුවක් සිදු කිරීමට ඉඩ ඇති බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.














