අක්කරෙයිපත්තුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු රුපියල් 4,000ක අල්ලසක් ඉල්ලීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (26) අක්කරෙයිපත්තුව රෝහල අසලදී මෙම වැටලීම සිදු කර ඇත.
අදාළ ව්‍යාපාරිකයා පදවාගෙන ගිය යතුරුපැදියක් සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු පැමිණිල්ලකට අදාළව නීතිමය පියවර නොගැනීම සඳහා මෙම නිලධාරියා මුලින්ම රුපියල් 5,000ක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වේ. ඉන් රුපියල් 1,000ක මුදලක් ලබාගෙන රියදුරු බලපත්‍රය මුදාහැර ඇති සැරයන්වරයා, නිල ප්‍රකාශයක් සටහන් නොකර සිටීම සඳහා ඉතිරි රුපියල් 4,000ක මුදල ඉල්ලා සිටියදී මෙලෙස කොටු වී තිබේ. සැකකරු අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














