අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීම හේතුවෙන් හෙට (29) පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පැය පහක කාලයක් දෙහිවල සහ මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. මෙම තත්ත්වය කළුබෝවිල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර යන ප්‍රදේශවලට බලපාන බැවින් අවශ්‍ය ජලය කල්තබා රැස්කර තබාගන්නා ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.














