මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ මහතා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කැබ් රථයක චැසි අංකය (Chassis Number) නීති විරෝධී ලෙස සංශෝධනය කර එය ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් මත ඔහු ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට පත්වීම ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.














