8 September 2024
#දේශීය

ලෝක සංචාරක දිනයට සමගාමීව මධ්‍යම පළාතෙන් සැමරුම් උත්සවයක්

ලෝක සංචාරක දිනයට සමගාමීව මධ්‍යම පළාතෙන් සංචාරක දින සැමරුම් උත්සවයක් මහනුවර සහස් උයන පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (27) පැවැත්විය.

විචිත්‍රාංග රැසකින් සමන්විත වු මෙම වැඩසටහනේ රාවණා යක්කම සහ සාම්ප්‍රදායික කිරි කොරහා ශාන්තිකරමයන් ද ඇතුලත් ව තිබු අතර, දේශීය නිෂ්පාදන ඇතුලත් අලෙවි කුටි සහිත ‍අලෙවිසැලක් ද ඇතුලත් විය.

මෙහිදි අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, සංචාරක ආකර්ශනය සැලකූ විට මධ්‍යම පළාතට මුහුදක් හැරෙන්නට සියලු සම්පත් පැවතියත් ප්‍රශස්ථ මට්ටමට සංචාරක කර්මාන්තය දියුණු ‍වී නොමැති බවත්, සංචාරක කර්මාන්තය නගා සිටුවීම සදහා අවශ්‍ය සෑම පියවරක් ම අනුගමනය කරන බවත් ය. වර්තමානය වන විට රට මුහුණ දෙනු ලබන අභියෝගකාරී ආර්ථික තත්ත්වය හමුවේ විදේශ සංචාරකයින් ආකර්ශනය කරගැනීමේ ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවීම කාලෝචිත බවත් එම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

මෙම වැඩසටහන සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න,පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ජානක සකලසුරිය, පළාත් සංචාරක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ අනුරි තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක්විය.

 

මහේෂ් කිර්තිරත්න මාතලේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *