27 April 2024
#දේශීය

ජනපති කොමඩියක් … – විපක්ෂනායක සජිත්

වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණි පසු වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වත් මේ වන විට වැල් පාලමෙන් එතෙර වී ඇත්තේ රාජපක්ෂවරු සහ ඔවුන්ගේ ගජ මිතුරන් බවත් ලක්ෂ 220ක් වූ ජනතාව වැල් පාලමෙන් හෙලට තල්ලුකොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (28) බුත්තල දී පැවැති සමගි ජන බලවේගයේ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

වත්මන් ජනාධිපතිවරයා කොමඩියක් බවත් වත්මන් ආණ්ඩුව  මගඩියක්  බවත් ඉතිහාසයේ සිට ජනතාවට එරෙහි වන අයට සිදුව ඇත්තේ නරක ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවීම බව හෙතෙම පැවසිය.

මේ රට ගොඩනැගීමට නම් නව ජනවරමක් අවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකවරයා පුලුවන් නම් කඩිනම් මැතිවරණයක් තියන ලෙසත් අලි කපුටු වේශයෙන් ආවත් ජනතාව මෙවර  ඔවුන්ට නිසි පාඩම උගන්වන බවත් පැවසීය.

සමගි ජන බලවේගය රාජ්‍ය බලය ලබා ගන්නේ ගමට නගරයට රටට වැඩක් කිරීමට බවත් නව තාක්ෂණය තුළින් අඩු වියදමකින් වැඩි ආදායමක් ලබා ගත හැකි වැඩසටහනනට මුල පුරන බවත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මෙන් නොව තමන් ඇතුළු පිරිස විපක්ෂයේ සිට පවා ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළ බවත් කී විපක්ෂ නායකවරයා එහෙත් රාජපක්ෂවරු කළේ බොරු මවාපැම් සිදු කර රට බංකොලොත්  කිරීම බවත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *