27 April 2024
#සංවර්ධන

බන්ධනාගාරවල සිදුවීම් සොයන්න අමාත්‍යාංශ මට්ටමින් කමිටුවක්

මෑත කාලිනව බන්ධනාගාරතුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් සිදුකිරීමට වහාම කමිටුවක් පත්කරන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අමාත්‍යංශ ලේකම් ගීතාමනී කරුණාරත්න මහත්මිය වෙත උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයින් තිදෙනෙකුට නොඅඩු කමිටුවක් පත්කිරීමට නියමිත බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ දෙපාර්තමේන්තුව පවසයි.

මොණරාගල බන්ධනාගාරයේ රැදවියෙකු මියයෑම, මාතර බන්ධනාගාරයේ රැදවියෙකුට පහරදීම, බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් පලායෑම සහ රැදවියෙකු මියයෑම, වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරයේ රැදවියන් උද්ඝෝෂණය කිරීම ඇතුලු සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ සිදුකිරීමට මෙම කමිටුවට පැවරී ඇති අතර එම කමිටුවේ වාර්ථාව සති 03ක් ඇතුළත අමාත්‍යාවරිය වෙත ලබාදීමට කටයුතු කලයුතුය.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය මැන්ඩෙලා රීතීන් ගරුකරමින් පාලනය වන බන්ධනාගාර වන බැවින් උක්ත සිදුවීම් බන්ධනාගාර තුළ සිදුවීම පිළිබදව සාධාරණ පරික්ෂණයක් පවත්වා යම් අයෙකු අතින් වරදක් සිදුවී ඇත්නම් ඒ පිළිබදව විනයානුකූලවත් නීත්‍යානුකූලවත් කටයුතු කිරීමට අමාත්‍යවරිය විසින් උපදෙස් ලබාදී තිබේ.

මේ අතර බන්ධනාගාරතුළ කොවිඩ් 19 පැතිරයාම පිළිබදව විශේෂ අවධානයක් යොමුකරමින් එය වළක්වාගැනීම සදහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසටද බන්ධනාගාර පාලනාධිකාරිය වෙත අමාත්‍යවරිය විසින් උපදෙස් ලබාදී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *