#දේශීය

මහනුවර දැඩි කොරෝනා අවධානමක් ගැන හිටපු ඇමති කිරිඇල්ල කියයි

මහනුවර පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය හේතුවෙන් කොරෝනා අවධානමකට ලක්ව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ මහතා ඊයේ (18) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ පසුගිය රජය විසින් සංරක්ෂණය කිරීමට සැලසුම් කර තිබූ මෙම ස්ථානය නගර මධ්‍යයේ පිහිටුවා ඇති බැවින් නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම කිසිසේත්ම සුදුසු නොවන බවයි.

දළදා වහන්සේ වැඩසිටින පූජනීය මහනුවර මෙවැනි අවධානමකට ලක්කිරීම පිලිබඳව බෞද්ධයන් වශයෙන් කම්පා වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහි සේවය කරන පිරිස් ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ද නගරයට පැමිණෙන අතර මධ්‍යම වෙළදපල, දුම්රිය ස්ථානය, බස්නැවතුම්පල හා තොග වෙළදසැල් ආශ්‍රිතව විශාල වශයෙන් ජනතාව ගැවසෙන බැවින් දැඩි අවධානමක් පවතින බවද මන්ත්‍රිවරයා අවධාරණය කර සිටියේය.

පසුගියදා මෙම නිරෝධායන මධ්‍යස්ථානයෙන් ආසාදිතයෙකු පැනයාමේ සිද්ධියත් සමග මෙම අවධානම උග්‍ර වී ඇති හෙයින් කඩිනමින් රජයේ අවධානය මේ වෙත යොමු කොට වෙනත් සුදුසු ස්ථානයක නිරෝධායන කටයුතු සිදුකරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *