• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජය පුළුල් වැඩපිළිවෙළක් -ජනපති

28 February 2024
in දේශීය, පුවත්
කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජය පුළුල් වැඩපිළිවෙළක් -ජනපති
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඩිජිටල් හා හරිත ආර්ථිකය තුළ කාන්තා ව්‍යවසායකයින්ට පුළුල් වැඩ කොටසක් ඉටුකළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කාන්තා ව්‍යාපාරික ප්‍රජාව බල ගැන්වීමට හැකි සෑම සහයක්ම රජය විසින් ලබාදෙන බවද කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (27) පස්වරුවේ කොළඹ දී පැවති ‘ප්‍රතිභාභිෂේකා කාන්තා ව්‍යවසායක සම්මාන 2023” උළෙල අමතමිනි.

ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කළ මෙම සම්මාන උළෙලේදී විශිෂ්ට ව්‍යාපාරික කාන්තාවන් ඇගයීමට ලක් කෙරුණු අතර ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීම මෙන්ම වෙළඳපළ ප්‍රවේශය සැකසීම එහි අරමුණයි. සාර්ක් කලාපයේ කාන්තාවන්ට විශේෂ අංශයකින් තරග වැදීමේ අවස්ථාව ද සලසා තිබිණ.

සම්මාන ප්‍රදානය සංකේතවත් කරමින් ජාතික මට්ටමින් විශිෂ්ට ව්‍යවසායිකාවන් දස දෙනකුට සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

සාර්ක් අංශයේ සම්මාන ප්‍රදානය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අතින් සිදු වූවාය.

ශ්‍රී ලංකා ආර්ථිකය සඳහා කාන්තාවන්ගේ දායකත්වය ඉහළ නැංවීම සහ ප්‍රධාන ව්‍යාපාරික කටයුතුවලට කාන්තාවන් ඇතුළත් කර ගැනීමේ ප්‍රධාන අරමුණ ඇතිව ව්‍යාපාරික කාන්තාවන් සඳහා වූ ජාතික වාණිජ මණ්ඩලය(WCIC) 1985 දී වසරේදී පිහිටුවන ලදී.

වෘත්තීයවේදිනියන් සහ තමන්ගේම ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යන කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් සමන්විතව ආරම්භ වු ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මේ වන විට සාමාජිකත්වය 300කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ සම්මාන ලබාගත් සියලුදෙනාට පළමුවෙන්ම මම සුබ පතනවා. ඒ වගේම මීට සහභාගී වූ සියලුම දෙනාට ප්‍රශංසා කළ යුතුයි. පසුගිය වසර කිහිපය අපට පහසු කාලයක් වුණේ නැහැ. එය ව්‍යාපාරිකයන් ඇතුළු අප සියලුදෙනාට දුෂ්කර කාල පරිච්ඡේදයක් වුණා. නමුත් එම ආර්ථික දුෂ්කරතාවන් මධ්‍යයේ වුවද තම ව්‍යාපාර සිදුකරගෙන යාමට ඔබ ගත් උත්සාහය ප්‍රශංසනීය බව කිවයුතුයි. මෙම 2024 වසරේ යම් ආර්ථික වර්ධනයක් සිදුවනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. පසුගිය වසරේ අවසාන කාර්තු දෙක තුළ ධනාත්මක ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට අපට හැකි වුණා. නමුත් එය 2018 වන විට පැවති ආර්ථික වර්ධන වේගය මට්ටමට තවමත් පැමිණ නැහැ.ඒ සඳහා තවත් වසර දෙකක් පමණ ගතවනු ඇතියි. පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු රටේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් අපේක්ෂා කරන පළමු වසර මෙයයි. ඒ වෙනුවෙන් දුෂ්කර තීන්දු තීරණ ගැනීමට අපට සිදු වුණා. සියලුදෙනාට ජීවත්වීමට හැකි ආර්ථික පරිසරයක් අප රට තුළ නිර්මාණය කර ගත යුතුයි. මුදල් මුද්‍රණය කිරිමට හෝ ණය ගැනීමට දැන් අපට අවස්ථාවක් නැහැ. ඒ නිසා අපට බදු එකතු කිරීමට සිදු වුණා. රුපියල ශක්තිමත් කිරීම සහ උද්ධමනය පහත හෙළීම ද අපගේ අරමුණ වී තිබෙනවා. පැරැණි ආර්ථික ක්‍රම මත තවදුරටත් මේ රට ඉදිරියට ගෙන යා නොහැකියි. ඒ නිසා අප රට තුළ කඩිනම් ආර්ථික පරිවර්තනයක් ඇති කළ යුතුයි. නව ආර්ථික ක්‍රමවේදයක් ‍හරහා රට ගොඩනැඟිය යුතුයි.එහිදී රට තරගකාරී අපනයන ආර්ථිකයක් කරා ගෙන යා යුතුයි. ඒ වගේම ව්‍යාපාරිකයන්ට රජයක් ලෙස උපරිම සහාය ලබාදීමට අප අපේක්ෂා කරනවා. එම නිසා මේ වසර අවසානය වනතුරු පරාටේ නිතිය කල් දැමීමටද කටයුතු කර තිබෙනවා. කාන්තා ව්‍යවසායකයන් අද මෙරට ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙනවා. මේ අයට අවශ්‍ය සියලු සහාය ලබාදීමට රජය කටයුතු කරන බව ද කිවයුතුයි. ඒ වගේම කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීමට ඔබ සංගමය ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි. කාන්තාවන් බලගැන්ම තුළින් මෙරට ආර්ථිකය සැලකිලිමත් ලෙස වර්ධනය කළ හැකි බව අප විශ්වාස කරනවා. ඒවගේම කාන්තාවන් ව්‍යාවසායකයන් බවට පත් කිරීමට අවශ්‍ය පුළුල් වැඩපිළිවෙළ ද රජය මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. රටේ ආර්ථිකය ගොඩනැගිමේදී කාන්තාවන්ට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි.එබැවින් රටේ ආර්ථික පරිවර්තනයට කාන්තාවන්ගේ දායකත්වය අවශ්‍යයි. ඉදිරියේදී ඇතිවන ඩිජිටල් ආර්ථිකය හා හරිත ආර්ථිකයට අනුගත වියහැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරීමට රජය වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. අද කාන්තාවන් බොහෝ පිරිසක් කුඩා, මධ්‍යම සහ මහ පරිමාණ ව්‍යාපාරවල නියැළී සිටිනවා. ඒ වගේම මේ වන විට අප රටේ සංචාරක කර්මාන්තය සැලකියයුතු ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ සඳහා වැඩි අවස්ථාවක් ලබාදීම තුළින් ශක්තිමත් ව්‍යවසායකයන් බිහි කළ හැකියි. සංචාරක ව්‍යාපාරය විධිමත් ලෙස සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා සේවා සපයන ව්‍යවසායකයින් වෙනුවෙන් සහාය දැක්වීමට රජය සූදානම්. සංචාරක ව්‍යාපාරයේ එක් පුද්ගලයකුගේ දෛනික ආදායම ඩොලර් 500ක සීමාවටවත් ගෙන ආ යුතුයි. ඒ සඳහා කාන්තා වාණිජ මණ්ඩලයටද වගකීමක් තිබෙනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක් කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ඉදිරියේ දී කෘත්‍රීම බුද්ධිය භාවිතයට ගැනීමටද රජය සැලසුම් කර තිබෙනවා. මෙම ක්ෂේත්‍රවලට අදාළව ව්‍යවසායකයින්ට ඉදිරියේදී වැඩි ඉල්ලුමක් ඇති වනු ඇතියි. ලෝකය තාක්ෂණය සමඟ ඉදිරියට යනවිට අපත් ඒ සමඟ ඉදිරියට යා යුතුයි. අපට එකතැන නැවති සිටිය නොහැකියි. එම නිසා නව තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය සමග ආර්ථිකය ගොඩනැගිමේ පදනම දැනටමත් අප දමා තිබෙනවා. එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ ස්ථානයකට ඔසවා තැබිය හැකියි. ඒවගේම රටේ ආර්ථිකය ගොඩනැගිමට අවශ්‍ය අඩිතාලම අප දැනටමත් දමා තිබෙනවා. ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීමට සින්නක්කර ඔප්පු ලබාදීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා. එම ඉඩම් අයිතිය ලබා ගන්නා ලක්ෂ 20ක ජනතාවගේ ආදායකත්වය ආර්ථිකයට ඍජුවම ලැබෙනවා. ඒ අනුව කෘෂිකර්මාන්තය නවීකරණයට ද ඔවුනගේ සෘජු දායකත්වය ලබා ගත හැකියි. මෙම සියළු වැඩපිළිවෙළ තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමට හැකියාව තිබෙනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, හිටපු රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චැංග්, පාකිස්තාන මහ කොමසාරිස් එච්.ඊ. ෆහීම් උල් අසීස්, ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති අනෝජි ද සිල්වා, සම ලේකම් තුසිතා කුමාරකුලසිංහම් සහ චිත්‍රාංජලී දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 12,470
Previous Post

ශ්‍රී ලංකාවෙන් පැතිකුදය රෝග තත්වය තුරන් කිරීමේ මෙහෙයුමට පා ගමනක් සෙනසුරාදා

Next Post

ඔන්ලයින් පනතට කතානායක අත්සන් කරලා තිබෙන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා -මන්ත්‍රී කිරිඇල්ල

editor ttvnews

editor ttvnews

Next Post
ඔන්ලයින් පනතට කතානායක අත්සන් කරලා තිබෙන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා -මන්ත්‍රී කිරිඇල්ල

ඔන්ලයින් පනතට කතානායක අත්සන් කරලා තිබෙන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා -මන්ත්‍රී කිරිඇල්ල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved