• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවෙන් පැතිකුදය රෝග තත්වය තුරන් කිරීමේ මෙහෙයුමට පා ගමනක් සෙනසුරාදා

28 February 2024
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවෙන් පැතිකුදය රෝග තත්වය තුරන් කිරීමේ මෙහෙයුමට පා ගමනක් සෙනසුරාදා

මෙරට දරුවන් දීර්ඝකාලීනව පීඩාවට පත්වන පැතිකුදය රෝගී තත්ත්වය තුරන් කිරීම සඳහා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් ලබන සෙනසුරාදා (02) කොළඹ දී පැවැත්විමට නියමිතයි.

ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ අනුග්‍රාහක සත්කාරය ඇතුව මෙය සංවිධානය කරනු ලබන්නේ ලංකා E doc ආයතනය බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය නිලූකා වැලිකල මහත්මිය පවසන්නීය.

කොළඹ සහ ගම්පහ ජාතික පාසල් රැසක දරු දැරියන් සහභාගීත්වයෙන් මාර්තු 02 සෙනසුරාදා පෙරවරු 7.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයේ සිට විහාරාමහා දේවි උද්‍යානය දක්වා ගමන් කරන මෙම පා ගමන ප්‍රවාහන අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරයි.

පා ගමන අවසානයේ විහාරමහා දේවි උද්‍යානයේ දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් නොමිලේ පැවැත්වෙන වෛද්‍ය සායනය එදින පස්වරු දෙක දක්වා පැවැත්වෙන බව ආචාර්ය වැලිකල මහත්මිය පවසන්නීය.

මෙම පා ගමනට හා සායනයට ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ ජාත්‍යන්තර අංශයේ උප සභාපති ජිතු ජෝස් ,එම රෝහලේ ශල්‍යකර්ම ආයතනීය ප්‍රධානී සජන් කේ හෙග්ඩේ, එහි කොඳුවට පෙළ ශල්‍ය වෛද්‍ය විශේෂඥ අප්පායි ක්‍රිෂ්ණන්, වෛද්‍ය විග්නේෂ් සහ ඉන්දීය හා ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරු ද එක් වෙති.

සැක සහිත පැතිකුද රෝග තත්ත්වයන් ඇති දරුවන්ගේ දෙමව්පියන් තම දරුවන් මෙම සායනයට රැගෙන එන ලෙස ද ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචි වීම 0743913395 WhatsApp අංකය ඔස්සේ සිදුකළ හැකි බව ද ආචාර්ය වැලිකල මහත්මිය නිවේදනය කරයි.

Post Views: 16,970
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්,  ඇමැති හරින් අතර සාකච්ඡාවක්

Next Post

කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජය පුළුල් වැඩපිළිවෙළක් -ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජය පුළුල් වැඩපිළිවෙළක් -ජනපති

කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජය පුළුල් වැඩපිළිවෙළක් -ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved