ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර සුහදත්වය වර්ධනය කිරීමත්,ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වර්ධනයට අවකාශය ලබා දෙමින් මානසික සුවය වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර වූ ක්‍රිකට් ඉකුත් දා දවස පුරා යටවත්ත ඩන්කන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම ක්‍රිකට් සටනේ සමස්ත ශූරතාවය රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හිමි කර ගත් අතර, සමස්ත තරගාවලියේ අනුශූරතාවය උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් හිමි කර ගන්නා ලදී..
මාතලේ මහ දිසාපතිනී තේජානී තිලකරත්න මහත්මිය විසින් ජය සංකේත ප්රදානය සිදු කරමින් සියලු කණ්ඩායම් වෙත ශුභාශිංසන එක් කළ අතර,මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු සහ මාණ්ඩලික නිලධාරීහු රැසක්ද එක්ව සිටියහ.
මෙවර තරගාවලියේ සත්කාරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කළහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න