27 April 2024
#විදෙස්

කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමේ තීන්දුවක්

අමෙරිකාවේ කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමට ධවල මන්දිරය සැළසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉදිරි සති කිහිපයක් තුළ කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය සම්පූර්ණයෙන් වසා දැමිය හැකි බවට අමෙරිකානු උපජනපති මයික් පෙන්ස් ද යෝජනා කර ඇති අතර ඊට හේතු දක්වමින් අමෙරිකානු ජනපතිවරයා කියා සිටියේ, අමෙරිකාව යළි යථා තත්ත්වයට පත්කළ යුතු කාලය එළඹ ඇති බවයි.

සුපුරුදු පරිදි දෛනික ජීවන රටාව ආරම්භ කළහොත්, වෛරසය තවදුරටත් පැතිරයාමේ අවදානම ඉහළ යන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබියදී අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

අමෙරිකාවේ මිලියනයට වැඩි පිරිසක් කොරෝනා වෛරසයෙන් තවදුරටත් පීඩාවට පත්වී සිටින අතර එරට මරණ සංඛ්‍යාව 70,000 ඉක්මවා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *