දේශපාලන පක්ෂ සමගින් පැෆ්රල් සංවිධානය පවත්වනු ලබන සාකච්ඡා මාලාවේ දෙවැන්න ජනතා විමුක්ති පෙරමුණ සමගින් ඊයේ (10) පැවැත්විණ.
එම සාකච්ඡාවේදී මැතිවරණ ක්රමය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවූ අතර ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කල පැෆ්රල් සංවිධානයේ යෝජනාවලිය සකස්කිරීමේ ගමන්මග සම්බන්ධයෙන් සම්පාදනය කෙරුණු ග්රන්ථයද ජනතා විමුක්ති පෙරමුණ වෙත පිළිගැන්වීය.
එහිදී අදහසක් දැක්වූ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ නව මැතිවරණ ක්රමයක් සකස්කිරීමේදී සියලුම පක්ෂවලට සාධාරණ නියෝජනයක් හිමිවිය යුතු බවයි.
එසේම මැතිවරණ ප්රචාරණ වියදම් සම්බන්ධයෙන්ද පුලුල් සමාජ කතිකාවතක් ඇතිකල යුතුව ඇති බවත් වත්කම් බැරකම් ප්රකාශ සම්බන්ධයෙන්ද සවිමත් යාන්ත්රණයක් සකස්විය යුතුව ඇති බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේය.
එමෙන්ම කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය විසින් ආරම්භකොට ඇති “වෙනසකට මගක්” වැඩසටහන සම්බන්ධයෙන්ද හෙට්ටිආරච්චි මහතා කරුණු දැක්වූ අතර තරුණ නියෝජනය වර්ධනය කිරීමෙහි ඇති වැදගත්කමද පෙන්වාදුන්නේය.
මෙම සාකච්ඡාවට පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, උප සභාපති කේ.එන් ඩීන් හා ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් යන මහත්වරුන්ද ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා හා නීතීඥ සුනිල් වටගල යන මහත්වරුන් එක්වූහ.