27 April 2024
#සංවර්ධන

මඩකලපු සංවර්ධනයට රජය විසින් වෙන් කරන සියලුම මුදල් යොදවනවා – රාජ්‍ය වියාලේන්ද්‍රන්

මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධනයට රජයෙන් වෙන්කරන සියලුම මුදල් එම දිස්ත්‍රික්කයේ ජනතාවගේ අභිවෘර්ධිය සඳහා යොදවන බව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් පවසයි.

රජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ඉලක්ක කර ගනිමින් දේශිය සුළු ආර්ථික භෝග ගොවීන් දිරිමත් කිරීමේ වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ උඳු, මුං හා ඉඟුරු වැනි බීජ වගා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ඊයේ (10) ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ගොවීන් 567 දෙනෙකු සඳහා බීජ පැකට් බෙදා දීමේ උත්සවයේදීය.

මෙයින් ගොවීන් 230 දෙනෙකුට මුං බීජ ඇසුරුම් ද, ගොවීන් 213 දෙනෙකුට උඳු බීජ ඇසුරුම් ද, ගොවීන් 124 දෙනෙකුට ඉඟුරු බීජ ඇසුරුම් ද බෙදා දෙන ලදී.

ලබන දෙසැම්බර් මාසයට පෙර මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 තුළ සුළු ආර්ථික බෝග ගොවීන් දිරිමත් කිරීම සඳහා ඉඟුරු බීජ, ගොවීන් 50,000කටද, උඳු ගොවීන් 3000ක් සඳහා උඳු බීජද, මුං ඇට නිෂ්පාදකයින් 2500ක් සඳහා මුං බීජද, කාබනික පොහොර නිෂ්පාදනය කරන්නන් 7000කට අවශ්‍ය උපදෙස්, අමුද්‍රව්‍ය හා උපකරණද ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මඩකලපුව දිස්ත්‍රික් දිසාපති ගණපතිපිල්ලේ කරුණාකරන් මහතා සහ මන්මුනේ නිරිතදිග ප්‍රාදේශීය ලේකම් ගෞරි දිනේෂ් මහත්මියද, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරී මහත්ම මහත්මින්, ගොවීන් ඇතුළු පිරිසක් මේ අවස්තාවට සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *