27 April 2024
#දේශීය

මාතලේ කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබානොගත් ගණන 14.000 ක්

මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබානොගත් 14.000 ක් පමණ පිරිසක් සිටින බව මාතලේ දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමට සහභාගි වෙමිනි.

මධ්‍යම පළාත් ආණ්ඩාකාර ලලිත් යූ. ගමගේ සහ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහත්වරුන්ගේ සම සභාපතිවයෙන් පැවැති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

ඔවුන් ඉතා කඩිනමින් තමන්ගේ සෞඛ්‍ය බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් මෙම දෙවන මාත්‍රාව ලබාගන්නා ලෙස දැනුවත් කරන බව හෙතෙම පැවසිය.

ඒ අනුව සයිනෝපාම් එන්නතේ දෙවන මාත්‍රාව නොගත් 10,302 දෙදෙනෙකු,මැඩෝනා එන්තතේ දෙවන මාත්‍රාව නොගත් 1068 සහ ඇස්ටසෝනිකා එන්නතේ දෙවන මාත්‍රාව නොගත් 3020 වශයෙන් 14390 දෙනෙකු කොවිඩ් එන්නත්හි දෙවන මාත්‍රාව ලබා ගෙන නොමැති බවද ඒ මහතා පැවසීය.

 

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *