ජපානයේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාරයක් ලෙස රුපියල් බිලියන 1.76 ක්(ජපාන යෙන් මිලියන 800ක්) වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (27) මෙරටට ප්රදානය කල බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි ( Mizukoshi Hideaki )මහතා විසින් ශ්‍රී ලංකා ජාතික රෝහල් නව බාහිර රෝගී ගොඩනැගිලි පරිශ්‍රයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත මෙම පරිත්‍යාගයන් ලබා දුන්නේය.
මෙම වෛද්‍ය උපකරණ අතර සීටී ස්කෑන් යන්ත්‍රයක් ,එම්. ආර් .අයි. ස්කෑන් යන්ත්‍රයක්, angiography යන්ත්‍ර දෙකක් හා බහු පරාමිති මොනිටර් 09 ක් ද ඇතුළත් වේ.
මෙම බහු පරාමිති මොනිටර් 09 එක ස්ථානයක සිට නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙන අයුරින් එකිනෙකට ජාල ගත කර ඇති බැවින් එක් අයකුට වුවද මේ යන්ත්‍ර 09 නිරීක්ෂණය කිරීම කළ හැක. මෙම මොනිටර් යන්ත්‍ර මගින් රෝගියාගේ ඉතාමත් වැදගත් ජීව දත්ත ලෙස ECG ,හදවතේ රිද්මය,ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය , ශරීර උෂ්ණත්වය ,රුධිර පීඩනය ,හදවතේ ක්‍රියාකාරීත්වය වැනි දේ නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ජාතික රෝහලේ අධ්යක්ෂ කුමාර වික්‍රමසිංහ නියෝජ්‍ය අධ්යක්ෂ සමින්දි සමරකෝන්, ජපාන තානාපති කාර්යාලය නියෝජනය කරමින් එහි පළමු ලේකම් Ohashi Kenji,දෙවන ලේකම් seiya Ninomiya යන මහත් මහත්මින් සහ විශේෂඥ වෛද්‍යවරු සහ තවත් වෛද්‍යවරු පිරිසක් සහභාගී විය.