27 April 2024
#සංවර්ධන

ප්‍රවාහන පහසුකම් වැඩිදියුණූ කිරිම කාලින අවශ්‍යතාවයක් – රාජ්‍ය අමාත්‍ය රෝහණ

ග්‍රාමිය ආර්ථිකය නැංවිම සදහා ප්‍රවාහන පහසුකම් වැඩිදියුණූ කිරිම කාලින අවශ්‍යතාවයක් බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මාතලේ රත්තොට දීර්ඝ කාලයක් තිස්සේ කෘෂි බෝග අලෙවි කරගැනීමේ දී සහ අනෙකුත් දෛනික අවශ්‍යතාවන් ඉටුකර ගැනීමේදී දැඩි ප්‍රවාහන දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වූ මාතලේ උඩගම ප්‍රදේශයේ ජනතාව සඳහා අලකොලමඩ සිට උඩගම දක්වා ගමන්කරන නව බස්රථ සේවාවක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී මෙසේ කියා සිටියේය” රටේ පැවති අර්බුදකාරි තත්වය ක්‍රම ක්‍රමයෙන් දැන් අඩවෙමින් යනවා.පසුගිය කාලයේදි ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ කොවිඩ් වංසගත තත්වයෙන් වෙනත් රටවලට සාපෙක්ෂව ජනතාව ආරක්ෂා කිරිම සදහා පියවර ගත්තා.නමුත් ලෝක ආර්ථික අර්බුද හමුවේ විවිධ අභීයෝග රැසක් එල්ලවුණා.එය කළමණාකරණය කිරිමට විවිධ අවස්ථාවලදි පසුබැමට ලක් විම නිසා රට තුළ අර්බුද රැසක් නිර්මාණය වුණා.මේ තත්වය නිසා දේශපාලන ක්ෂ්ත්‍රයේ වෙනස්කම් රැසක් සිදු වුණා.ජනාධිපතිවරයාට ඉල්ලා අස්විමට පවා සිදුවුණා.ඒ වගේම රජයට පවා ඉල්ලා අස්විමට සිදු වුණා.පසුව විපක්ෂය නියෝජනය කරන අයට රටේ වගකිම බාර ගන්න ආරාධනා කළා.නමුත් කිසි කෙනෙක් ඉදිරිපත් නොවන අවස්ථාවේදි රනිල් වික්‍රමසිංහ මහතා ඒ අභීයෝගය බාරගෙන ජනාධිපති බවට පත් වුණා. දැන් රට යහපත් අතට හැරෙමින් පවතිනවා.ගොවින් හට පොහොර ලැබෙනවා.එදා තිබුණු ගැස් තෙල් පෝලිම් නැතිවෙලා.වැඩි කරපු තෙල්/ගැස් මිල පහල යමින් පවතිනවා.මේ තත්වය නිසා ජනතාවට යම් සහනයක් ලැබි ‍තියෙනවා.නමුත් බලය කෙසේ හො ්ලබා ගැනිමේ කැදරවම සිටින විපක්ෂයේ පිරිස් විසින් නැවත රට අවුලන්න මාන බලමින් සිටිනවා.මේ තත්වය ජනතාව තේරුම් අර‍ගෙන කටයුතු කිරිම වැදගත් බවද දිසානායක මහතා පැවසිය.

මෙම අවස්ථාව සඳහා රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාරසිරි තෙන්නකෝන් , සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් වන නිශාන්ත බණ්ඩාර සහ සුගත් විජේරත්න මාතලේ ලංගම ඩිපෝ කළමනාකාර ප්‍රදීප් හේරත් එහි ඉංජිනේරු සමරකෝන් මහතා මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *