27 April 2024
#දේශීය

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ අයදුම්පත් කැඳවීම අවසන්

“කිසිවෙක් අත්හැරෙන්න දෙන්න එපා” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම අද (28) දිනයෙන් අවසන් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රාජ්‍ය සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තු වන මිලියන 2.4 ක අයදුම්කරුවන් මේ වන විට සුබසාධක ප්‍රතිලාභ දත්ත පද්ධතියේ ලියාපදිංචි වී සිටින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඉලක්කගත ප්‍රජාවෙන් 70%ක පමණ තොරතුරු මේ වන විට පද්ධතිගත කර ඇති අතර ඉතිරි 30%ක අයදුම්පත් ප්‍රමාණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ගොනුගත වී ඇති බවත් තවත් මිලියන 1.5ක දත්ත ප්‍රමාණයක් කඩිනමින් පද්ධතිගත කිරීමට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කරමින් සිටින බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.

වැඩසටහනේ දෙවන අදියර වශයෙන් අයදුම්කරුවන්ගේ නිවාස වෙත ගොස් තොරතුරු සංගණනය සිදු කෙරන අතර, එම කටයුතු නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දන්වා සිටී.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *