27 April 2024
#ව්‍යාපාර

ලංකා තේ සඳහා ඉතිහාසගත මිලක්

කොළඹ තේ වෙන්දේසියේ දි ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉතිහාසගත ඉහළ මිලක් හිමි ව තිබේ.

ඒ අනුව කොළඹ තේ වෙන්දේසියේ දී අමු තේ කොළ කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් ලැබුණු රුපියල් 85ත් 100ත් අතර මුදල පසුගිය අප්‍රේල් මාසයේ දී රුපියල් 130 දක්වා ඉහළ ගොස් තිබෙන අතර නිමි තේ කිලෝග්‍රෑමයක් සඳහා ලැබුණු රුපියල් 350ත් 500ත් අතර මිල ද රුපියල් 750 දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්තියත් සමඟ බලපෑ හේතු කිහිපයක් මුල් කරගෙන මෙලෙස තේ මිල ඉහළ ගොස් ඇති බවය.

එසේම වාර්ෂික ව මෙරට තේ කිලෝ ග්‍රෑම් මිලියන 320ත් 340ත් අතර ප්‍රමාණයක් අපනයනය කරයි. එයින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 වාර්ෂික ආදායමක් මෙරටට හිමිවන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙයි.

කෙසේ නමුත් පසුගිය කාලයේ දී මෙරට අමු තේ දළු කිලෝ ග්‍රෑමයක මිල ගණන් ඉතා පහළට ගොස් තිබිණ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *