• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ සංවර්ධනයට අති විශාල මුදලක් බැසිල්ගේ අයවැය තුළින් – ඇමැති ජී.එල්

11 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද රටේ පවතින තත්වයන් තුළ වූවත් සුභසාධනය හා සංවර්ධනය සඳහා අති විශාල මුදල් ප්‍රමාණයක් බැසිල් රාජපක්ෂ මැතිතුමා අයවැය තුළින් ‍වෙන් කර ඇති බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යයවරයා මේ බව පැවසුවේ අද (11) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එසේම වර්තමාන සමාජයේ ප්‍රමුඛතා හා අවශ්‍යතාවලට ගැළපෙන පරිදි උචිත සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කිරීම කාලෝචිත අවශ්‍යතාවයක් හැටියට ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ලය හදුනාගෙන ඇති අතර ඒ සඳහා විද්වත් කමිටුවක් ද පත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා අදහස් දක්වමින්, “මුදල් ඇමති ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමාගේ ප්‍රථම අයවැය ලේඛණය නොවැම්බර් 12 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඓතිහාසික වශයෙන් සුභසාධනය හා සංවර්ධනය සඳහා අති විශාල මුදල් ප්‍රමාණයක් එතුමා වෙන්කර තිබෙනවා. අද රටේ පවතින තත්වය තුළ මේ කිසිසේත් ලෙහෙසි පහසු වැඩක් නොවේ. අපි සියලු දෙනා දන්නවා මේ ලෝකයම වෙලාගත් කොවිඩ් 19 වංසගතය නිසා රටේ දේශීය ආදායම හා විදේශීය ආදායම විශාල ලෙස කඩා වැටිලා තිබෙනවා. දේශීය වශයෙන් අපේ රටට විශාල ආදායම් පැමිණෙන්නේ වැට් බද්දෙනි. මහා භාණ්ඩාගාරයට එයින් 70% ක් අහිමිවෙලා තිබෙනවා. එසේම ආනයන සීමා නිසා රේගුවෙන් භාණ්ඩාගාරයට ලැබෙන ආදායම විශාල ලෙස කඩා වැටිලා තිබෙනවා. ප්‍රධාන අදායම් මාර්ගය වන සූරා බදු දෙපාර්තමේන්තුව ද කඩා වැටිලා තිබෙනවා. ඒ වගේම විදේශ ආදායම්වලින් ඩොලර්වලින්, සංචාරක කර්මාන්තයෙන් අපේ රටට වර්ෂයකට දළ වශයෙන් US ඩොලර් බිලියන 4.2 ක් පමණ පැමිණෙනවා. එයද සම්පූර්ණයෙන්ම හිදිලා තිබ්බ තත්වයක් තිබුණා. දැන් ක්‍රමක් ක්‍රමයෙන් සංචාරකයින් අපේ රටට පැමිණිම ආරම්භවෙලා තිබෙනවා. මේ සියලුම දුෂ්කරතා මධ්‍යයේ තමයි මුදල් ඇමතිතුමා මේ අභියෝගය භාර ගෙන තිබෙන්නේ. ඒ වැඩපිළීවෙල අනුව ග්‍රාම නිලධාරි වසමකට ලැබෙනවා රු. ලක්ෂ 20 ක් ද පළාත් පාලන කොට්ඨාශයකට රු.ලක්ෂ 30 ක් ද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවක උප සභාපතිවරයෙකුට රු. ලක්ෂ 200 ද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවක සභාපතිවරයාට රු.ලක්ෂ 1000 ක් ලබා දෙනවා. ඒ තුළින් රටේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කර ගන්න පුළුවන්. මෙසේ විශාලතම මුදල යොමු කරන්නේ ජීවනෝපාය මාර්ග සඳහායි. විශේෂයෙන් අපේ තරුණ පරපුරට රැකිරක්ෂා අවස්ථා සපයා දීම සඳහා තමයි මේ ආයෝජනය විශාල ලෙස භාවිතා කිරීමට අපේ රජය ඉදිරිපත්වෙලා තිබෙන්නේ.ජීවනෝපාය මාර්ග සඳහා ඒ ධනස්කන්ධයෙන් 40% ක් ද පොදු යටිතල පහසුකම් සඳහා 40% ද පරිසරයට සම්බන්ධ ව්‍යාපෘති සඳහා 10% ද සමාජ සුභසාධන සම්බන්ධ වැඩපිළිවෙල සඳහා 10% වෙන් කරලා තිබෙනවා.කඩිනමින් සියලුදෙනාගේ අදහස් උදහස් ලබාගෙන මේ මුදල් වියදම් කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා ආසන මට්ටමින් දීප ව්‍යාප්ත ලෙස රැස්වීම් මාලාවන් අපේ පක්ෂයෙන් සංවිධානය කරලා තිබෙනවා. ගිය සති අන්තයේ සහ ඊට එපිට සති අන්තයේ මෙය අඛණ්ඩව දිවයිනේ සෑම ප්‍රදේශයකම පැවැත්වූණා.

අපේ ජනතාව තුළ දැඩි වුවමනාවක් තිබෙනවා ශ්‍රි ලංකාවේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික සංශෝධනයක් ගෙන ඒමට. අද අපේ රට පාලනය වන්නේ 1978 ජේ.ආර්.ජයවර්ධන යුගයේ සම්මත වෙච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ වගන්ති යල් පැනපු ස්වභාවයක් තිබෙනවා. වර්තමාන සමාජයේ ප්‍රමුඛතා හා අවශ්‍යතාවලට ගැළපෙන පරිදි උචිත සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කිරීම කාලෝචිත අවශ්‍යතාවයක් හැටියට අතිගරු ජනාධිපතිතුමා හා කැබිනට් මණ්ලය සෘජුව පිළිගත්තා. ඒ සම්බන්ධයෙන් අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් සඳහා විද්වත් කමිටුවක් පත් කරලා තිබෙනවා.අපි බලාපොරොත්තුවෙනවා මේ අවුරුද්දේ අවසානයේ ඒ විද්වත් කමිටුවේ වාර්තාව අපිට ලැබෙයි කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සියලුම අංශ ගැඹුරු සමාලෝචනයකින් පසු අද සමාජයට ගැලපෙන සංශෝධනය පිළිබඳ සවිස්තර වාර්තාවක් තමයි ඒ විද්වත් කමිටුවෙන් අපේ රජය බලාපොරොත්තු වන්නේ. වෙන කිසිම දේකට වඩා අපේ ජනතාවට අවශ්‍යවෙලා තිබෙන්නේ අද පවතින මැතිවරණ ක්‍රමය පිළීබඳ මූලික වෙනසක් දැකීමටයි. මැතිවරණ ක්‍රමය තුළ ගැබ්වෙලා තිබෙන ඉතාමත් අයහපත් ලක්ෂණය තමයි මනාප ඡන්ද ක්‍රමය. මනාප ඡන්ද ක්‍රමය නිසා පක්ෂ තුළ මැතිවරණ කාලය සංග්‍රාමයක් ඇතිවෙනවා. ඒ වගේම දූෂණය කෙලින්ම සම්බන්ධයි වර්තමාන මැතිවරණ ක්‍රමය තුළ. එමනිසා ඒ සම්බන්ධයෙන් වෙනසක් ඉක්මණින් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් ගරු අධ්‍යාපන අමාත්‍ය හා සභානායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපේ බලාපොරොත්තුව සියලුම මැතිවරණ සම්බන්ධයෙන් එක සමාන ක්‍රමයක් නිර්මාණය කිරීමයි. අපි බලාපොරෙත්තුවෙනවා ඒ පාර්මේන්තු කමිටුවේ සාකච්ඡා තව මාස 03 න් අවසන් කරලා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට.

අනෙක් විශාල ප්‍රශ්නය තමයි පළාත් සභා මැතිවරණය. ඒක ඇත්ත වශයෙන්ම හරි සෝචනීය තත්වයක්. අවුරුදු 02 ට මේ රටේ කිසිම පළාත් සභාවක මහජන ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රවරුන් නෑ. ඒක ප්‍රජාතන්වාදයට හා අපේ ජනතාවට කරන ලොකු අවැඩක්. පසුගිය යහපාලන රජය පාර්ලිමේන්තුවේ සම්මත කරගත් 2017 අංක 17 දරණ පනතෙන් පලාත් සභාව සම්බන්ධයෙන් පවතින මැතිවරණ ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරලා දැම්මා. ඒ වෙනුවට වෙන ක්‍රමයක් ආදේශ කළේ නෑ. එහි ප්‍රතිපලයක් වශයෙන් පළාත් සභා මැතිවරණ ක්‍රමය පැවැත්වීමට පුළුවන්කමක් තිබුණේ නෑ. නමුත් අපේ රජය තීරණය කරලා තිබෙනවා අපි මැතිවරණය පවත්වනවා කියලා. 2022 මාර්තු මාසයට පෙර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ. මේ පළාත් සභා මැතිවරණය දිවයිනේ සෑම ප්‍රදේශයකම ඉක්මණින් පැවැත්වීමේ අවශ්‍යතාවය තිබෙන නිසා 2017 යහපාලන රජය අහෝසි කරපු මැතිවරණ ක්‍රමය මීලඟ සැරේ පළාත් සභා මැතිවරණයට පමණක් පාවිච්චි කරලා ඉන්පසු අවශ්‍ය සංශෝධන ගැන සලකා බලමු කියලා කියනවා. ඒ ගැන තාවකාලික පියවරක් හැටියටයි අපි ගන්නේ. මේ පිළිබඳ ප්‍රතිපත්ති තිරණයක් අරගෙන එයට අවශ්‍ය පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඉතා ඉක්මණින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම තමයි රජයේ අභිලාෂය වන්නේ. මේක කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය පියවරක් නිසා, විදේශීය ආණ්ඩුවක බලපෑමක් නිසා නොවේ. ඒක සම්පූර්ණ අසත්‍යයක්. අපේ ජනතාව වෙනුවෙන් කළයුතු දෙයක් නිසා තමයි අපේ රජය ඒ තීරණය ගැනීමට ඉදිරිපත්වෙලා තිබෙන්නේ.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

ආලෝකගම ග්‍රාමය “හණ ආශ්‍රිත නිශ්පාදන” ප්‍රවර්ධන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරිමට පියවර

Next Post

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට ජීවන් ත්‍යාගරාජා මහතා පත් කෙරේ

editor

editor

Next Post

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට ජීවන් ත්‍යාගරාජා මහතා පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved