27 April 2024
#සංවර්ධන

ආලෝකගම ග්‍රාමය “හණ ආශ්‍රිත නිශ්පාදන” ප්‍රවර්ධන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරිමට පියවර

මාතලේ දිස්ත්‍රික්කයේ පාරම්පරික කර්මාන්ත ගම්මානයක්වන යටවත්ත ආලෝකගම ග්‍රාමයේ “හණ ආශ්‍රිත නිශ්පාදන” ප්‍රවර්ධන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරිමට පියවර ගෙන ඇති බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පවසයි.

රජයේ සෞභාග්‍යය දැක්ම යටතේ ,පාරම්පරික කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මගින් ,පාරම්පරික කර්මාන්තකරුවන් වෙත ප්‍රතිලාභ රැසක් හිමිකර දෙන බවත් ඔවුන්ගේ නිශ්පාදන දේශීය හා විදේශීය වෙළදපොල කරා ගෙනයෑමට සැලසුම් කර ඇති බවද මන්ත්‍රිවරයා සදහන් කළේය.

යටවත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහ ජාතික ශිල්ප සභාවේ සම්බන්ධිකරණයෙන් සිදු කරන මෙම ව්‍යාපෘතිය පිළිබදව ප්‍රතිලාභින් දැනුත්වත් කිරිම සහ අදාළ වැඩසටහන ආරම්භ කිරිම ඉකුත්දා සිදු විය.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රි පරාක්‍රම දිසානායක,යටවත්ත ප්‍රාදේශිය සභා සභාපති ලාල් අත්තනායක,යටවත්ත ප්‍රාදේශිය ලේකම් රුවින්දිකා හෙන්නායක යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ..

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *