මත්තේගොඩ, සමගි උයන ප්‍රදේශයේදී ඊයේ (18) සවස 4 ට තෙමහල් නිවසක ඉහල මහලෙන් පැන පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ එම පුද්ගලයා තම ඥාති නිවසකට පැමිණ නිවැසියන් සමග තෙවන මහලේ ඇති බෝග වගාවට සහ මල් වගාවට සාත්තු කරමින් සිට ඇති අතර, එකවරම එම මහලේ යකඩ වැට උඩට නැග මහලෙන් බීමට පැන ඇති බවයි.
එම අවස්ථාවේදී බරපතල තුවාල ලැබු එම පුද්ගලයාව හෝමගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 34 ක් වු සමගි උයන, මත්තේගොඩ ප්‍රදේශයේ පදංචිකරුවෙකි. මෘත ශරිරය හෝමගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරණ පරික්ෂණය අද සිදු කිරීමට නියමිතයි.
මිය ගිය පුද්ගලයා විශාදය නැමැති මානසික රෝගයෙන් පෙලෙන අයෙකු බවට අනාවරණ වී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙලිව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.