27 April 2024
#දේශීය

තැපැල් ජන්දයට අතිරේක දින 2ක්

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට හෙට (20) සහ අනිද්දා (21) දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

විවිධ හේතු මත එම කාල සීමාව තුළ දී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන් සඳහා හෙට සහ අනිද්දා දින ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

ඒ අනුව තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස් එම දින දෙක තුළ දී තැපැල් ඡන්දය භාවිත කළ හැකිය.

කෙසේ වුව ද රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්ද භාවිත කිරීම එම ප්‍රදේශවල නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඉදිරියේ දී එම ප්‍රදේශවල අයඳුම්කරුවන්ට තැපැල් ඡන්දය භාවිත කළ හැකි දින පිළිබඳ දැනුම්දීමට නියමිතය.

එළැඹෙන මහමැතිවරණයට අදාළ   තැපැල් ඡන්දය භාවිත කිරීමට පසුගිය සඳුදා සිට සිකුරාදා දක්වා සිදුකෙරුණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *