මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ සිදු කරගෙන යන සංවර්ධන කටයුතු මෙන්ම තමාගේ දේශපාලන ගමන අඩාල කිරිමේ කුමන්ත්‍රණයක් පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විසින් දියත් කරමින් සිටින බවත් ඒ පිළිබදව කණගාටු වන බව මාතලේ ප්‍රාදේශිය සභාවේ සභාපති(ශ්‍රි ලං.පො.පෙ) කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා පවසයි.
මාතලේ පලාපත්වල පිහිටි සභා රැස්විම් ශාලාවේදි පැවති මාසික මහ සභා රැස්විමට එක්වෙමින් සභාපතිවරයා මෙම අදහස් පළ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා මෙසේද පැවසිය. “ මාතලේ ඉන්නේ එක්තරා පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයෙක් විසින් මෙම කුමන්ත්‍රණය සිදු කරනවා.2017 වසරේ සිට මෙය ක්‍රියාත්මක වුනා.සභා මැතිවරණයේදි මාව පරද්දන්න කටයුතු කළා.ඒ වගේම පසුගිය මැතිවරණයේදි නොයෙකුත් බාධාවන් සිදු කළා.මේ සැරේ සභාපතිධුරය ලබා නොදිමට කටයුතු කළා.මම ජනතාව වෙනුවෙන් සේවය කරන්නේ.ජනතාවගේ මුදල් ගසා කලා නැහැ.පසුගිය දිනක විදුලි බල මණ්ඩලයේ විදුලි අධිකාරිවරයෙක් ලිපියක් එවලා තියනවා.මේ ලිපියට අනව තේරෙනවා හොරොගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක් වෙලා තියෙන්නේ.දිගින් දිගටම විවිධ බාධා කිරිම් සිදු කරනවා.පසුගිය යහපාලන ආණ්ඩුව තියන කාලේදිවත් මෙහෙම වුණේ නැහැ.එවකට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති රංජිත් අලුවිහාරේ මහතා කටයුතු කළා.ඒ වගේම ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවේ සභාපති ලෙස හිටපු අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහත්වරුන් කටයුතු කළා.දැන් මන්ත්‍රි ලෙස කටයුතු කරන රෝහණ දිසානායක මහතා එහෙමමයි.අපට සහය දුන්නා.ඒ අය පොඩි ගැන ඉදන් ගිහින් ඔය මන්ත්රිකම් කරන්නේ.ඔළුව තියන අය එහෙම කරන්නේ නැහැ.ඒ අය අපි සභාවේ වැඩ කරගෙන යනකාට සහය ලබා දුන්නා.අපිට අනවශ්‍ය දේවල් කළේ නැහැ.දැන් හැම දේකටම ඇගිලි ගහනවා.නිලධාරින්ට විවිධ තර්ජන සිදු කරමින් සිටිනවා.ඔවුන් දැඩි අපහසුතාවයට පත්වෙලා ඉන්නේ.මේ වන විට සභා බල ප්‍රදේශයේ ඊළග පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන අය ලැයිස්තු සකස් කරනවලු.ඊට අමතරව සභාපති/උප සභාපතිත් නම් කරලා තියනවා කියලා ආරංචි.අපි මොනව කළත් ජනතාවට වැඩ කරන්නේ.මම දේශපාලන භේදයෙන් තොරව වැඩ කරනවා.සභා බල ප්‍රදේශයේ වසම් 42 ක ජිවත්වන ජනතාව සේවය කරන්න ආවේ.කතාවක් තියනවා ගහන්න ගහන්න වදින එකත් වදින්න වදින්න ගහන එකත් මොඩයා කියලා.මම නයා කියලා පෙනේ පුප්පන්න ලැස්තියි.ඕනදෙකට ලැයිස්ති පිට ඉන්නේ.මිනිහෙක් වුණාම අපට ඉවසිමක් තියනවා.ඒ වගේම ඉවසන එකේ සිමාවක් තියනවා.මේ සියලු දෙනා වැඩ කරන්නේ ජනතාව වෙනුවෙන් බවද සභාපතිවරයා ආවේගයෙන් සභාව අමතා පැවසිය.
මාතලේ – මහේෂ් කිර්තිරත්න