27 April 2024
#දේශීය

මාතලේ ආදාහානාගාරයට ආදාහනය සඳහා දේහයන් සිඝ්‍රයෙන් ඉහළට – නියෝජ්‍ය නගරාධිපති අමිල

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ මහ නගර සභාවට අයත් ආදාහානාගාරයට ආදාහනය සදහා දෛනිකව ලැබෙන දේහයන් ප්‍රමාණය සිඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂණ මහත පවසයි.

නියෝජ්‍ය නගරාධිපතිවරයා කියා සිටියේ දිනකට දේහයන් අටක් ආදාහනය කළ බවත් මේ වන විට එය දෛනකව දහය දක්වා ඉහළ යමින් පවතින බවත් මේ නිසා ආදාහනාගාරයේ හදිසි නඩත්තු කටයුතු සිදු කළ බවත් ආදාහනාගාරයේ කටයුතු සදහා රුපියල් ලක්ෂ 14ක මුදලක් වැය කරමින් හදිසි නඩත්තු කටයුතු සිදු කළ බවද හෙතෙම පැවසිය.

මාතලේ නගරයේ රෝහලට ආසන්නම පවතින නිසා මෙම තත්වය ඇතිවි තිබෙන බවත් ආදාහනාගාරයේ කටයුතු ඇතැම් විට පැය 24 පුරාම සිදු කරන තත්වයට පත්ව ඇති බවත් මේ නිසා විවිධ ගැටලු රැසකට මුහුණ දි ඇති බවත් ඒවා නිසා ආකාරව විසදමින් අදාළ කටයුතු සිදු කිරිම සදහා නගරාධිපති එස්.ප්‍රකාශ් මහතාගේ උප‍දෙස් පරිදි කටයුතු කරන බවද නියෝජ්‍ය නගරාධිපතිවරයා පැවසිය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *