• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිගේ දරු මුණුබුරන් කොහේ ජීවත් වුණත් මේ රටේ ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කරන්න – ජවිපෙ

19 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඞ් වසංගතයේ වර්තමාන තත්වය අනුව එයින් ජනතාව බේරාගන්නට ක්‍ෂණිකව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩුවට බල කරන්න සිදුවී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පවසා සිටියේ මේ වන විට සංඛ්‍යා ලේඛන අනුව අප ඉන්නේ වසංගතයේ නරකම අදියරක ආරම්භයේ බවයි.

මේ තත්වය නොසලකා හැරීමෙන් රෝහල් ධාරිතාවය ඉක්මවමින් ආසාදිතයන් ඇතුළත් කිරීමට සිදුවී තිබෙන බවත් රෝහල්ගත ආසාදිතයන් 45,000කට වැඩියෙන් අද(19) දහවල් වනවිට වාර්තා වන බව හෙතෙම පැවසිය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පල කල වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා “ පළවෙනි රැල්ලේදී ඇමරිකාවෙත් ඉතාලියෙත් ඉන්දියාවේත් ඉන්දුනීසියාවෙත් මේ තත්වය මතුවුණා. ආසාධිතයන් දරාගත නොහැකි සෞඛ්‍ය පද්ධතිය අතිශය බරපතළයි. භෞතික පහසුකම්වලට වඩා ඒ කියන්නේ, දැඩි සත්කාර ඒකක, ඔක්සිජන්, වෙන්ටිලේටර් පමණක් නෙවෙයි රෝහල කාර්යමණ්ඩල පවා ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් නැහැ. අනෙක් පැත්තෙන් රෝහල් කාර්යමණ්ඩලයත් ආසාදිතයන් බවට පත් වෙනවා. හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් අට දෙනෙක් ඇතුළු කාර්ය මණ්ඩලයේ 28 දෙනෙක් ආසාදිතයන් වී තිබෙනවා. ඒ වෛද්‍යවරු අට දෙනාගෙන් හතර දෙනෙක්ම දැඩි සත්කාර ඒකකයේ වැඩ කරන අය. ඊයේ(18) වනවිට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27ක් හෙද හෙදියන් 105ක් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 265ක් ආසාදිතයන් වී තිබෙනවා. හෙද හෙදියන් ආසාදිතයන් වීම නිසා සමහර වාට්ටුවල සේවා මුරය මාරු කිරීමට නොහැකි වී තිබෙනවා. 18වැනිදා වනවිට වෛද්‍යවරු 200 ඉක්මවා, හෙද හෙදියන් 4,000 ඉක්මවා අපේ රෝහල් පද්ධතියේ සේවය කරන අය ආසාධිතයන් වී ඇති බව දැන ගන්නට ලැබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු 40කට ආසන්න ප්‍රමාණයක් සහ සෞඛ්‍ය කාර්ය සහායකයන් විශාල පිරිසක් ආසාදිතයන් වී තිබෙනවා.

මේ වනවිට සෞඛ්‍ය කාර්ය සහායකයින් සහ වෛද්‍යවරුන් කිහිප දෙනෙක් ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ජීවිත ගණනාවක් රටට අහිමි වී තිබෙනවා. මේ තත්වයන්ගෙන් පෙන්නුම් කරන්නේ වැඩිවන රෝගීන් ප්‍රමාණයට ප්‍රතිකාර කරන්න සෞඛ්‍ය පද්ධතිය ප්‍රමාණවත් නැහැ කියන එක. පසුගිය මැයි මාසය පමණ වනවිට ඉදිකර තිබුණු අතරමැදි නේවාසික කඳවුරුවලට යොදවන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හිටියේ නැහැ. අද තත්වය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දරාගන්න බැරි මට්ටමට පත්වී තිබෙනවා. අනෙක් පැත්තෙන් වෛරසයේ විකෘති ප්‍රභේදයන් තුනක් දැනටමත් ඩෙල්ටා ප්‍රභේදයෙන් ඇතිවී තිබෙන බව සොයාගෙන තිබෙනවා. මේ වගේ වෙලාවකදී ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කිරීමට ආණ්ඩුවක් නිවැරදි මොහොතේදී නිවැරදි ක්‍රියාමාර්ග ගත යුතුයි. නමුත් ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ග අනුගමනය නොකර තමන්ට කැමති ක්‍රියාමාර්ග ගනිමින් හේතු දක්වනවා. ජනාධිපතිවරයා සහ ඔහුගේ කාර්යසාධක බලකාය වෛරසය මැඩලීමට අදාළ නිවැරදි විද්‍යාත්මක ක්‍රියාමාර්ග අවශ්‍ය මොහොතේදී ගන්නේ නැහැ. යම් රෝගියෙකුට ආසාදනය වුණු මූලාශ්‍රය සොයා ගන්න බැරිනම් එය සමාජගතවීමක්. නමුත් ආණ්ඩුව මේ බව පිළිගන්න සූදානම් නැහැ. පසුගිය රැලිවලදී පෑලියගොඩ පොකුර, කිරිබත්ගොඩ පොකුර යනුවෙන් හඳුන්වා මූලාශ්‍රය දන්නා බව තහවුරු කරන්න උත්සාහ කළා. නමුත් මේ වනවිටත් ජනාධිපතිවරයා සහ ඔහුගේ කාර්යසාධක බලකාය උත්සාහ කරන්නේ රෝගය සමාජගතවී නැති බව කියන්නයි.
මේ තත්වය යටතේ ක්‍ෂණිකව විද්‍යානුකූලව රට වසා දැමීම හැර වෙනත් උත්තරයක් නැහැ. නමුත් රට වසා නොදැමීමට ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගැනීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් යොදවා රෝගය සමාජගත නොවීම ගැන ප්‍රකාශ සිදුකරනවා. ඒ වෙනුවෙන් බොරු දත්ත ඉදිරිපත් කර තිබෙන ආකාරය විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත
මාධ්‍ය සහ සමාජ මාධ්‍ය යන සියල්ල විසින් හෙළකර තිබෙනවා. අනෙක් පැත්තෙන් මේ වසංගතයේ ගැඹුර අවබෝධ කර ගැනීමට තිබෙන පී.සී.ආර්. හෝ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ අවශ්‍ය ප්‍රමාණයට සිදුකරන්නේ නැහැ. ජූලි 18 ඉඳලා අගොස්තු 16 දක්වා වැඩිම පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකර තිබෙන්නේ අගෝස්තු 12 වැනිදා. පී.සී.ආර්. පරීක්‍ෂණ 20,362ක් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ 7,098ක් සිදුකර තිබෙනවා. එක දිනකදී වැඩිපුරම කර තිබෙන්නේ 27,468යි. අනෙක් සියලුම දවස්වල මෙයින් 50%ක් ආසන්නයේ සිදුකර තිබෙනවා. ඩෙල්ටා වැනි ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වෙද්දී ලක්‍ෂය ඉක්මවූ පරීක්‍ෂණ සිදු කළ යුතුයි. නමුත් ආණ්ඩුව දැනුවත්ව එය හිරකරගෙන ඉන්නවා. පෞද්ගලික රෝහල්වල පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්‍ෂණ සිදුකිරීම නවත්වා දමා තිබෙනවා. රෝගය පිළිබඳව නිවැරදි දත්ත ගෙන එන පරීක්‍ෂණ සීමා කර අනෙක් පැත්තෙන් ඒ පරීක්‍ෂණවලින් ලැබෙන ප්‍රතිඵලත් විකෘති කර ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව කොතරම් දුරට දත්ත සැඟවූවත් නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ මාධ්‍යවලට අපි ස්තුතිවන්ත වෙනවා.
ජූනි මාසයේ මැද ජනාධිපති කාර්යසාධක බලකාය සුවිශේෂී දෙයක් සිදුකර තිබුණා. ආසාධිතයන් 101ක් වාර්තා කළා කියලා වසංගත රෝග ඒකකයේ ප්‍රධානියාට දොස් නගා ඔහු කුමන්ත්‍රණයක් සිදුකළ බවට චෝදනා කළා. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා තනතුරෙන් ඉවත් කර ජනාධිපතිවරයාට අවශ්‍ය අර්ථකතනයක් දුන්නා. මරණ වාර්තා වුණේ සෑම නිවසකටම බුද්ධි අංශ යවා නිවැරදි තොරතුරු ලබාගත් පසුව ඒ මරණ සංඛ්‍යාව හැට ගණනක් බව කියා තිබුණා. මරණ අඩුවෙන් පෙන්වන්න ජනාධිපතිවරයාට වුවමනා වී තිබුණා. මරණ සහ ආසාදිතයන් අඩුවෙන් වාර්තා කිරීම පිටුපස ඉන්නේ ජනාධිපතිවරයා බව පැහැදිලියි. ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ම ප්‍රකාශ කර තිබුණා දත්ත වෙනස් කරන්නේ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙක් සහ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් බව. ආණ්ඩුවේ මන්ත්‍රීවරයා කළ මේ චෝදනාවට අද වෙන තුරු පිළිතුරු ලබාදී නැහැ. ‘ආසාදියන් 28 දෙනෙකු හමුවුණාට රට වහන්න ඕනෑ’ නැහැ කියලා ඉන් නොනැවතී ‘මම තමයි හොඳටම කළේ’ කියන තැන දක්වාත් වසංගත රෝග ඒකකයේ ප්‍රධානියා ඉවත් කිරීම දක්වාත් සියලු සිදුවීම් ජනාධිපතිවරයාගේ වුවමනාව මත සිදු වූ බව තහවුරු වෙනවා.
මේ වනවිට වසංගතය පැතිරෙන වේගය සහ ඒ තුළ ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන වේගය නිසා ඔක්සිජන් මත තමන්ගේ ජීවිතය රඳා පවතින රෝගීන් ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. මේ නිසා ක්‍ෂණිකව රට සති දෙකකට වහලා දාන්න ඉල්ලීම් කළා. මේ ඉල්ලීම නොකළේ කවුද? ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති පද්මා ගුණරත්න මහත්මිය, සති හතරකට පෙර ඉඳලා දිගින් දිගටම මේ ඉල්ලීම කළා. ඒ සංගමයට සාකච්ඡාවක් ලබාදෙන ලෙස දිගටම ඉල්ලා තිබුණා. නමුත් ඒ සාකච්ඡාවවත් ලබාදුන්නේ නැහැ. වෛද්‍යවරුන්ගේ සියලුම වෘත්තීය සමිති එක හඩින් මේ ඉල්ලීම කළා. හෙද වෘත්තීය සමිති, පී.එච්.අයි. වෘත්තීය සමිති ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති මේ ඉල්ලීම කළා. ඔවුන් කොවිඞ් ආසාදිතයන් එක්ක කටයුතු කරන අය නියෝජනය කරන වෘත්තීය සමිති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අගෝස්තු 10වැනිදා වාර්තාවක් ඉදිරිපත් කරමින් ක්‍ෂණිකව රට වසා දමන්න ඉල්ලා සිටියා. එසේ නොකළහොත් ජනවාරි වනවිට මරණ 30,000ක් පමණ සිදුවන බව පුරෝකථනය කර තිබුණා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ලිඛිතව කරන ලද ඉල්ලීමවත් ගණන් ගත්තේ නැහැ. ජනතාව ගැන අබමල් රේණුවක තරම් හෝ හැඟීමක් තිබෙන විපක්‍ෂයේ අය පමණක් නොව ආණ්ඩු පක්‍ෂයේ අය පවා මේ ඉල්ලීම දිගින් දිගටම සිදුකරනවා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිතුමියගේ ඉල්ලීම් පැත්තකට දමා හිටපු සෞඛ්‍ය ඇමතිවරියට අමාත්‍යාංශය පවා අහිමි කළා. පසුගිය අඟහරුවාදා සූම් තාක්‍ෂණය ඔස්සේ රැස්වුණු කැබිනට් මණ්ඩලයේදී වාසුදේව නානායක්කාර, වීමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඇතුළු ඇමතිවරු ගණනාවක් මේ ඉල්ලීම සිදුකර තිබෙනවා. අද වෙනකොට ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ 10 නායකයන් සති තුනක් රට වහන්න කියලා ලිඛිතව ඉල්ලා තිබෙනවා.
මේ කිසිවක් කණකට නොගන්නා ජනාධිපතිවරයා ඔහුගේ කාර්ය මණඩලය සීමාකර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළත් වන සියලු දෙනා ඇන්ටිජන් පරීක්‍ෂණයකට ලක් කරලා ඇතුළත් කර ගන්නවා. ජනාධිපති ලේකම්වරයාත් කාර්ය මණ්ඩලය සීමා කර තිබෙනවා. ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්‍ෂ වගේ ඇමතිවරු නව කැබිනට් තනතුරුවල දිවුරුම් දී තිබෙන්නේ සූම් තාක්‍ෂණයෙන්. ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔවුන් සියලු කටයුතු සිදු කර තිබෙනවා. බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයා, ජනාධිපතිවරයා අවදානමක් නොගෙන රටේ ජනතාවට කියන්නේ රජයේ සේවකයන්ට, පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩට එන්න කියලා. කඩ විවෘතව තියන්න කියලා. එපමණක් නෙවෙයි මේ සතියේ දින හතරක් රැස්වීමට තිබුණු පාර්ලිමේන්තුවත් එක් දිනකට සීමා කළා. මේ රාජපක්‍ෂ දෙබෑයන්ගේ දරු මල්ලන් සියල්ලන්ම ඉන්නේ ඇමරිකාවේ. මේ වසංගතය තීව්‍ර වෙනකොට ඔවුන්ට ඔවුන්ගේ මවුබිමට යන්න පුළුවන්. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එහෙ නතර කර කොන්ත්‍රාත් එකකට මෙහේ ඇවිත් ඉන්නවා. ඔවුන්ට මේ බිමත් එක්ක ලොකු සම්බන්ධයක් නැහැ. ජනතාවගේ ජීවිත සිය ගණනක් අහිමි වුණත් ඔවුන්ට වගක් නැහැ. අපි බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයාට සහ ජනාධිපතිවරයාට කියන්නේ මේ මියයන්නේ සැමියෙක්, බිරිඳක්, ඥාතියෙක් නැත්නම් දූපුතුන් හැටියට මේ රට ගොඩනගන්න මහන්සි වුණු මිනිස්සුන් බවයි. ද්විත්ව පුරවැසි මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ මේ රටේ සෞඛ්‍ය විශේෂඥයන් කියන මතයට ඇහුම්කන් දෙන්න කියලා. දිනපතා අපට අහිමි වෙමින් තිබෙන්නේ අපට බේරගන්න පුළුවන් ජීවිතයි. අද ඔක්සිජන් ඉල්ලලා රෝහල් තුළ හඬා වැටෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත. ඖෂධ නැතිව මිය යන්නේ අපේ රටේ ජීවිත.
උද්දච්චකම් පැත්තකට දාලා සෞඛ්‍ය විශේෂඥයන්ගේ ඉල්ලීම් අනුව විද්‍යාත්මක වැඩපිළිවෙළක් යටතේ, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ප්‍රමුඛතාවය දීලා මේ රෝගයට මුහුණ දීම සඳහා රට සූදානම් කළ යුතුයි. රෝගයේ බරපතළකම පිළිබඳව ජනතාවට අප යළි යළිත් අවධාරණය කරනවා. එන්නත් ලබාගෙන තිබුණත්, සියලු සෞඛ්‍ය නිරෝධායන කටයුතු ඉෂ්ට කරන්න. ආණ්ඩුවට ඔබගේ ජීවිත වැදගත් නැහැ. ඔවුන්ට වැදගත් ජීවිත තිබෙන්නේ ඇමරිකාවේ. ඔවුන්ගේ ජීවිත ඇමරිකාවේ තියාගෙන ඔබ වෙනුවෙන් ඔබේ දරුවන් වෙනුවෙන්, ඔබේ අම්මා තාත්තාගේ ජීවිත වෙනුවෙන් ඔවුන් තීරණ ගන්නේ නැහැ. ඒ නිසා ඔබ හැකි තරම් දුරට පරෙස්සම් වෙන්න. ඒ වගේම මේ රටේ ජනතාවගේ බදු මුදලින් නිදහස් අධ්‍යාපනය ලබා ඉහළට පැමිණි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, වසංගත රෝග ප්‍රධානී සහ සෞඛ අමාත්‍යාංශයේ ලේකම්වරයා යන තිදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඉගෙන ගත්ත දේට ගරුත්වයක් දෙන්න කියලා. ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියට බොරු මතවාද පළ කරන යන්ත්‍ර බවට ඔබ පත්වෙන්න එපා. ඔවුන්ගේ කිළිටි වහන පිරුවට බවට පත්වෙන්න එපා. ඔබට ජනතාව වෙනුවෙන් වගකීමක් තියෙනවා. ඔබ අතට ලැබෙන නිවැරදි තොරතුරු ඔබ ජනතාවට කියන්න. ජනාධිපති ඉදිරියේ හෝ ජනාධිපති කාර්ය සාධක බලකාය ඉදිරියේ ඔබ නිහඬව ඉන්න බව අපි දන්නවා. ඒ නිහඬ වීමෙන් ජනතාවගේ ජීවිත එකිනෙක අහිමි වෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම බලධාරින් තිදෙනා ජනතාව ඉදිරියේ ඇත්ත කියන ලෙස ඉල්ලා සිටිනවා. ඔබ කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කීවොත් ජනතාවගේ ජීවිත බේරුවාය කියන තෘප්තිය ඔබට ඉතිරි වේවි.
ආණ්ඩුව මොනවා කළත් තමන්ගේ යුතුකම ඉටුකරමින් ඉන්න සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් අපි ඉල්ලා සිටින්නේ ජනතාවට ඇත්ත කියන ලෙසයි. ඔබ සඳහන් කරන ඇත්ත වෙනුවෙන් මාධ්‍ය ඕනෑ තරම් විවෘත වේවි. එතැනදී ආයතන සංග්‍රහයට හෝ වෙනත් නීතිවලට වඩා ජනතාවගේ ජීවිත බලගතුයි. ජීවිත ගණනාවක් ආරක්‍ෂා කරන්න ඔබට පුළුවන්. ඇත්ත තොරතුරු එළියට දැමීමෙන් ජනතාව ස්වයංව සංචරණ සීමාවකට යනවා. ඒ වගේම බලධාරීන්ට ඇත්ත තොරතුරු මත මීට වඩා බල කරන්න පුළුවන්. අවසාන වශයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ දරු මුණුබුරන් මේ ලෝකයේ කොහේ ජීවත් වුණත් මේ රටේ ජනතාව වෙනුවෙන් ඔබට තිබෙන වගකීම ඉටුකරන ලෙසයි. මේ මොහොතේදී සෞඛ්‍ය අංශ විසින් ඉල්ලා සිටින තීන්දුව ගන්න. ගත යුතු වෙලාවේදී තීරණය නොගෙන කෑලි කෑලි ගැනීමෙන් වැඩක් නැහැ. මේ මොහොතේදී ගත යුතු තීන්දුව අත්‍යාවශ්‍යයෙන්ම ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ආණ්ඩුවට බලකර සිටිනවා.

Post Views: 13
Previous Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා – මාතලේ ප්‍රාදේශිය සභාවේ සභාපති කපිල කියයි

Next Post

පාන් බනිස් හා බේකරි නිෂ්පාදන මිල වැඩිකිරීමට ගත් තීරණය හකුලා ගන්න – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

editor

editor

Next Post

පාන් බනිස් හා බේකරි නිෂ්පාදන මිල වැඩිකිරීමට ගත් තීරණය හකුලා ගන්න - පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved