• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික සභාවක්.. පාර්ලිමේන්තුවට වැඩි බලතල – අගමැතිගේ

29 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) විශේෂ ප්‍රකාශයක් සිදු කලේය. එම ප්‍රකාශය පහත පරිදි සම්පුර්ණයෙන් දැක්වේ.

අද අපේ රටෙි ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ක්ෂේත්‍රයට පමණක් සීමා වෙලා නැහැ.ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා.යළිත් 19 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම එක ප්‍රශ්නයක්.ඒ පිළිබඳව දැන් අපි පක්ෂ නායකයන් හැටියට 21 වෙනි සංශෝධනය සකස් කරගෙන යනවා.

දෙවැනි ප්‍රශ්නය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ක්‍රියා කිරීම යි.ඒ කාල වකවානුවත් ක්‍රමවේදයත් පක්ෂ නායකයන් තීරණය කළ යුතුයි.මීට අමතරව තවත් ප්‍රශ්නයක් තිබෙන්නේ පාර්ලිමේන්තුව පිළිබඳවයි.

විසිවන සංශෝධනයෙන් පාර්ලිමේන්තුව දුර්වල කළ නිසාත් වැඩිපුර බලතල විධායකය ලබාගත් නිසාත් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අඩපණවී තිබෙනවා.ආර්ථික අර්බුදය නතර කිරීමට පාර්ලිමේන්තුව ක්‍රියා නොකිරීම අද තිබෙන ප්‍රධාන චෝදනාවක්.යෝජිත විසි එක් වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල වැඩි වෙනවා.නමුත් එයින් පමණක් අපට සෑහීමකට පත්වන්නට බැහැ.දැන් තිබෙන වෙස්මිනිස්ටර් කැබිනට් ක්‍රමය අනුව සියල්ලම කැබිනට් ඇමතිවරුන් පාලනය කළත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතරයක් තිබුන නිසා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අතපසු කළා යැයි කියාත් චෝදනාවක් තිබෙනවා.

අතීතයේ සිදුවූ දේ දිහා අපට හැම වෙලේම විභාග කරගන්න උවමනා නැහැ.නමුත් මේ රටේ ආණ්ඩු පාලනයට පාර්ලිමේන්තුවත් එකතු කරන ක්‍රමයක් තිබිය යුතුයි.ඒ වගේම අපට විනිවිදභාවය තිබිය යුතුයි.සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් ඒ කොමිටි වලට රැස්වී ප්‍රතිපත්ති වැඩසටහන් අනුව ක්‍රියා කිරීමට අපි වාතාවරණයක් සකසනවා.මේ සඳහා එක උදාහරණයක් තිබෙනවා.

ලංකාව නිදහස ලබන්නට පෙර 1931 වසරේ සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවක් තිබුණා.ඒ රාජ්‍ය මන්ත්‍රණ සභාව ක්‍රියා කළේ කාරක සභා ක්‍රමයකටයි.කාරක සභා හතකට එක් එක් විෂයන් බෙදා දී තිබුණා.ඒ කාරක සභාවේ සභාපතිවරුන් ඇමතිවරුන් වුණා. ඒ ඇමතිවරුන් හත් දෙනා එකතු වී ඇමති මණ්ඩලයක් සකස් කර තිබුණා.ඊට අමතරව ආණ්ඩුකාරතුමා පත් කළ නිලධාරීන් තුන් දෙනෙකුත් සිටියා.කාරක සභා වල අදහස් ලබාගෙන ඇමති මණ්ඩලය අයවැය සකස් කළේත් ප්‍රතිපත්ති ගැන තීරණය ගත්තේත් මෙතැනින්.

මීට අමතරව මුදල් පාලනය සඳහා ගිණුම් කාරක සභාවක් තිබුණා.මේ ක්‍රමවේදය සාර්ථකව ගෙන යන්න ඒ කාලයේදී අපට අවස්ථාව ලැබුණා.

දැන් අප පාර්ලිමේන්තුවේ ව්‍යුහය වෙනස් කර දැන් තිබෙන පාර්ලිමේන්තු ක්‍රමය හෙවත් වෙස්මිනිස්ටර් ක්‍රමය සහ රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය යන දෙකම එකතු කර අලුත් ක්‍රමවේදයක් ඇති කරන්න අවශ්‍යයි.ඒ අවස්ථාවල දී පාර්ලිමේන්තුවට රටේ පාලනයට සහභාගී වෙන්න පුළුවන්.

පළමුවෙන්ම තිබෙන්නේ මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවට ඒ බලතල දීමට නම් දැන් තිබෙන නීති ශක්තිමත් කළ යුතුයි.එසේ නම් දැන් තිබෙන මුදල් නීති දෙස බලා අප අලුත් මුදල් නීති මාලාවක් සම්මත කරන්නට කටයුතු කරනවා.

එක්සත් රාජධානිය, නවසීලන්තය,ඉන්දියාව වැනි රටවල් වල උදාහරණ ලබාගෙන මීට වඩා ශක්තිමත් සහ බලවත් නීතියක් අප ඉදිරිපත් කරනවා.

දැනට රජයේ මූල්‍ය කටයුතු පිළිබඳව කාරක සභා තුනක් තිබෙනවා.රජයේ මූල්‍ය කාරක සභාව,ගිණුම් කාරක සභාව,සහ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව එම කාරක සභා තුනයි.මේ කාරක සභා තුනේ බලතල ශක්තිමත් කරන්නට දිනේෂ් ගුණවර්ධන සභානායකතුමා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

මීට අමතරව අප තවත් යෝජනා ගෙන එනවා.

මුදල් පිලිබද අලුත් කාරක සභා දෙකක් ඇති කිරීමට අප කටයුතු කරනවා.මෙරට රජයේ ආදායම අඩුවී තිබෙනවා.ඊළඟ දශකය තුළ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 18 ත් 20 ත් අතර අගයකට ගෙන යාමට තිබෙනවා.මූලික වශයෙන් සියයට සියයට 14 ක අගයකට වැඩි කරන්නට තිබෙනවා.මේ කටයුත්ත සඳහා අප ක්‍රම සහ විධි කාරක සභාවක් පත් කරනවා.රජයේ තිබෙන ආදායම් එක් රැස් කිරීමෙි සහ ආදායම වැඩි කිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කරන කොමිටිය ලෙස මෙය හැඳින්වෙනවා.

දෙවැනිව අපට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ බැංකු වල සහ ෆිනෑන්ස් ආයතන වල තිබෙන මූල්‍ය තත්ත්වයයි.ඒ ගැන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.ඒවා දුර්වල වී තිබෙනවා.එය ශක්තිමත් කරනවා නම් ඒ පිළිබඳව වාර්තා කරන්නත් වෙනම කොමිටියක් අවශ්‍යයි.ඒ නිසා බැංකු හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවක් යෝජනා කරනවා.

අපේ ස්ථාවර නියෝග 111 යටතේ අපට අධීක්ෂණ කොමිටි පත් කරන්න පුළුවන්.මීට පෙර අධීක්ෂණ කමිටු පත්කර තිබුණේ නැහැ.ඒනිසා අධීක්ෂණ කොමිටි දහයක් පත් කිරීමට අප යෝජනා කරනවා.එම අධීක්ෂණ කොමිටි දහයට ආණ්ඩුවේ තිබෙන විෂයන් බෙදා දෙන්න පුළුවන්.එම අධීක්ෂණ කොමිටි වලින් වාර්තා ලබා දෙනවා.එමෙන්ම ඔවුන් ප්‍රතිපත්ති ගැනත් පාර්ලිමේන්තුවට වාර්තා කරනවා.ඒ පිළිබඳව පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුතුයි.

එමෙන්ම මෙම මූල්‍ය කාරක සභා පහෙ සහ අධීක්ෂක කාරක සභා දහයෙ සභාපතිවරුන් ලෙස පත් කරන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් බව කිව යුතුයි.ඒවාට පත්කරන්නේ ඇමතිවරුන් නොවේ.

ඒ නිසා ඇමතිවරයාගෙන් ස්වාධීනවත්,ඇමතිවරයා සමගත් යන අංශ දෙකෙන්ම වැඩ කරන්නට ක්‍රමවේදයක් සැකසීම සඳහා අපට අවස්ථාව තිබෙනවා.මෙහිදී අප විශේෂ කාරණයක් ගැන අවධානය යොමු කළ යුතුයි.
දැන් තිබෙන ක්‍රමවේද මාරු කරන්නැයි තරුණයන් කියනවා.එමෙන්ම දැන් තිබෙන ප්‍රශ්න දැනගැනීමට අවශ්‍යයි.ඒ නිසා මෙම කාරක සභා 15 ට ම තරුණ නියෝජිතයන් හතර දෙනෙක් පත් කරන ලෙස යෝජනා කරනවා.එයින් එක්කෙනෙක් යොවුන් පාර්ලිමේන්තුවෙන් පත් කරනවා.අනිත් තුන් දෙනා විරෝධය පළ කරන කණ්ඩායම් වලින් සහ අනෙක් කණ්ඩායම් වලින් තෝරා ගන්නවා.ඒ තෝරා ගන්නා ක්‍රමවේදය තරුණ සංවිධානවලින් ම තීරණය කරන්න පුළුවන්.

මීට අමතරව අප බලාපොරොත්තු වන්නේ මේ පිළිබඳව විශේෂඥ දැනුම තිබෙන පුද්ගලයන් සහ අනෙක් පුද්ගලයන් වැඩකටයුතු සඳහා සහභාගී කර ගැනීමටයි.මේ වැඩ කටයුතු නිසා තරුණයන්ට ප්‍රශ්න ගැන දැන ගැනීමටත් ඒවාට තමන්ගේ විසඳුම් ලබා දීමටත් හැකියාව ලැබෙනවා.ඒ අනුව වගකිවයුතු තරුණ නායකයන් අපට පුහුණු කරන්න පුළුවන්.ඒ අනුව ඔවුන්ට මැතිවරණ වලට තමන් කැමති විදියට තරඟ කරන්න හැකියාව ලැබෙනවා.

එමෙන්ම අප ජාතික සභාවක් යෝජනා කරනවා.කතානායක ,අගමැති ,විපක්ෂ නායක,ඇතුළු ප්‍රධාන පක්ෂ නායකයින්ගෙන් යුත් කොමිටියක් ජාතික සභාව ලෙස හැඳින්වෙනවා.

ජාතික සභාව ඉතා වැදගත් බව කිව යුතුයි.රටේ ප්‍රතිපත්ති ගැන කතා කරන්නට ජාතික සභාවට පුළුවන්.එමෙන්ම කැබිනට් මණ්ඩලයේ තීරණ ගැන කතා කරන්නත් එයට හැකියාව තිබෙනවා.එමෙන්ම මෙරට පාර්ලිමේන්තුවේ ප්‍රතිසංවිධාන ගැන කතා කරන්නත් ජාතික සභාවට හැකියි.එසේ නම් එය දේශපාලන මණ්ඩලයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

කැබිනට් මණ්ඩලයත් ,කාරක සභා සභාපතිවරුනුත් කැඳවීමට ජාතික සභාවට අයිතිය තිබෙනවා.ඊට වෙනම පත් කළ තරුණ නියෝජිතයින් ඉන්නවා නම් මේ ප්‍රශ්න සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ අය ගැනත් අපට සලකා බලන්න පුලුවන්.

අප ඇතිකර තිබෙන අලුත් ක්‍රමය අනුව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වග කියන්න අවශ්‍යයි.එමෙන්ම ඇමති ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.ජාතික සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.කාරක සභා සහ අධීක්ෂණ කාරක සභා පහළොවත් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.එවිට මේ හැම එකකම සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.

ඇමති මණ්ඩලය තුළින් ආණ්ඩුව පාලනය කිරීමත්, ජනාධිපතිතුමාගේ වැඩකටයුතු පරික්ෂා කිරීමත් ජාතික සභාව තුළින් දේශපාලන වැඩ කටයුතු පිළිබඳ බලතලත් අනෙක් කොමිටි කාරක සභා පහළොවෙන් මූල්‍ය කටයුතු හා අනෙක් විෂයයන් අධීක්ෂණය කරන්න පුළුවන් ක්‍රමවේදයක් මෙහි තිබෙනවා.මේ කාරණය ගැන සකස් කළ ලිපි තිබෙනවා.සියලු දෙනාම මෙය සලකා බලනවා නම් මම කැමතියි.තවත් සංවිධාන ගණනාවක් මෙවැනිම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.ඒයෝජනාත් සලකා බලා පාර්ලිමේන්තුවේ බලතල අනාගතයේ දී ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි කියා අප එකඟත්වයකට පැමිණෙමු.

Post Views: 5
Previous Post

පුංචි ඡන්දය කල් දාන්නේ නෑ – ඇමැති දිනේෂ්

Next Post

ප්‍රසන්න රණවීරගේ ගිනිතැබූ නිවස ගොඩනැගීම ප්‍රදේශවාසීන් විසින්

editor

editor

Next Post

ප්‍රසන්න රණවීරගේ ගිනිතැබූ නිවස ගොඩනැගීම ප්‍රදේශවාසීන් විසින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමරිකාව ඉරානයට පරාදයි

ඇමරිකාව ඉරානයට පරාදයි

23 June 2025
Q & A:  ඖෂධ වංචාව ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු

Q & A:  ඖෂධ වංචාව ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු

23 June 2025
ගුරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ගුරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

23 June 2025
තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

අදත් වෙඩි තැබීමක්

23 June 2025

Recent News

ඇමරිකාව ඉරානයට පරාදයි

ඇමරිකාව ඉරානයට පරාදයි

23 June 2025
Q & A:  ඖෂධ වංචාව ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු

Q & A:  ඖෂධ වංචාව ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු

23 June 2025
ගුරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ගුරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

23 June 2025
තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

අදත් වෙඩි තැබීමක්

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකාව ඉරානයට පරාදයි

ඇමරිකාව ඉරානයට පරාදයි

23 June 2025
Q & A:  ඖෂධ වංචාව ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු

Q & A:  ඖෂධ වංචාව ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved