27 April 2024
#දේශීය

ප්‍රසන්න රණවීරගේ ගිනිතැබූ නිවස ගොඩනැගීම ප්‍රදේශවාසීන් විසින්

කලහකාරීන් විසින් ගිනි තබා විනාශ කළ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පදිංචිව සිටී හුණුපිටියේ පිහිටි ඔහුගේ නිවස ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සහ ප්‍රදේශවාසීන් විසින් ගොඩනැගීම අද (29) පෙරවරුවේ ආරම්භ කෙරිණ.

පසුගියදා රටේ සිදු වූ කලහකාරී සිදුවීමෙන් ඔහුගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනිබත් විය. 300කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් නිවස ගොඩනැගීමේ වැඩසටහන ආරම්භ වූ අතර මූල්‍ය ශ්‍රම හා භාණ්ඩ පරිත්‍යාග කිරීමට විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටීම විශේෂත්වයකි.

මහා සංඝරත්නය, ප්‍රාදේශීය දේශපාලනඥයන්, ප්‍රදේශයේ සහ දිස්ත්‍රික්කයේ ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *