දිවුලපිටිය නගරයේ ඊයේ (01) පස්වරුවේ සිදු කල පොලිස් වැටලීමකදී කොතලහිඹටු ශාකයේ කොටස් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම සැකකරු නිසි බලධාරියෙකුගේ බලපත්රයක් නොමැතිව කොතලහිඹටු ශාකයේ කොටස් කිලෝ ග්රෑම් 539 ක් අඩංගු උර 14 ක් කැබ් රථයකින් ප්රවාහනය කරමින් සිටියදී මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35 ක් වන කැබිතිගොල්ලෑව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (02) මිනුවන්ගොඩ ගරු මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ඇත.