කළුතර බස් නැවතුම්පල අසල ඊයේ (18) පස්වරුවේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 30 ක් වු කළුතර දකුණු ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ඝාතනය සිදු කල වයස අවුරුදු 36 ක් වු දොඩංගොඩ ප්රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලික හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බව අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.
මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.