27 April 2024
#දේශීය

ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය නැරඹීමට ජනපති එක් වෙයි

සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට සංවිධානය කළ විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

නත්තල් අසිරිය විඳ ගැනීමට ජනතාවට අවස්ථාවක් සලසා දෙමින් මෙය සංවිධානය කර තිබූ අතර ජාති, ආගම් බේදයකින් තොරව අති විශාල ජනතාවක් ඊයේ ජනාධිපති කාර්යාලය අවට සහ කොළඹ ගාලු මුවදොර පිටියට රැස්ව සිටියහ.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ගායන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් නත්තල් කැරොල් ගී ප්‍රසගංයක් ඊයේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භවිය.

මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය දෙසැම්බර් 23 වනදා දක්වා රාත්‍රී 7.00 සිට රාත්‍රී 8.30 දක්වා පැවැත්වෙයි.

ඊට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ තූර්ය වාදන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් තූර්ය වාදන සංදර්ශනයක් ද පැවැත්වෙන අතර, එම සංදර්ශණය සහ සැණකෙළි භූමියේ ඉදිකර ඇති විශාල නත්තල් ගස දැක බලා ගැනීමේ අවස්ථාව මහජනතාවට උදා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *