යහපත් ආකල්ප වර්ධනය කර ගැනීමත්, මතින් තොර වූ දිවියක වැදගත්කමත් අවධාරණය කර දීම අරමුණු කර ගනිමින් උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීම මත සංවිධානය කළ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් පෙළක් පසුගිය දා කඩුවෙල විද්‍යාලයයේ දී සාර්ථකව නිමාවට පත් විය.
උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ළමා හිමිකම් සංවර්ධන නිළධාරීගේ සම්බන්ධීකරණයෙන් යුතුව පැවති මෙම වැඩසටහන සදහා මාතලේ දිස්ත්‍රික් ළමා හිමිකම් නිලධාරී විසින් ආකල්ප සංවර්ධන වැඩසටහන වෙනුවෙන් සම්පත්දායකත්වය ලබා දෙන ලදී.
උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ හා පුනරුත්ථාපන නිළධාරීන් විසින් විද්‍යාලයයේ 9,10,11 ශ්‍රේණි දුවා දරුවන් ඉලක්ක කර ගනිමින් මතින් තොර දිවියක වැදගත්කම අවධාරණය කරමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මෙහිදී සිදුකරන ලදී.
මෙම අවස්ථාව සදහා මාතලේ පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ නිළධාරීන්ද සම්පත්දායකත්වය ලබාදෙන ලද අතර, වැඩසටහන සංවිධානය කර ගැනීමේදී කඩුවෙල විද්‍යාලයීය විදුහල්පතිනිය විසින් ලබා දෙන ලදි.
මාතලේ මහේෂ් කිර්තිරත්න