27 April 2024
#Uncategorised

මුල් ළමා විය වැඩසටහනක් උකුවෙලදි

උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ මෙහෙයවීම මත කොට්ඨාසයේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගුරු භවතුන් වෙනුවෙන් වූ විශේෂ දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුව පසුගිය දිනවලදි උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙය මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයයේ අනුග්‍රාහකත්වයෙන් හා මඟපෙන්වීමෙන් යුතුව සිදු කරනු ලැබේ.

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල ඉගෙනුම් ලබන දරුවන් තක්සේරු කරන්නේ කෙසේද යන්න පිළිබදව දැනුවත් කළ මෙම වැඩසටහන සඳහා උකුවෙල කොට්ඨාසයේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගුරු භවතුන් 30 දෙනෙකු සහභාගී වු අතර මාතලේ දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී සුනේත්‍රා කුමාරිහාමි මහත්මිය, රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ඉරෝෂා ද අල්විස් මහත්මිය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දුන්හ.

ප්‍රාදේශීය මහ ලේකම්තුමියගේ පූර්ණ උපදේශකත්වය මත මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී නිරෝශා විජේකෝන් මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *