27 April 2024
#දේශීය

දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩදීමේදී දෙමාපිය අවධානය යොමු කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලීමක්

COVID-19 වයිරස තත්වය යලි මතුවීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ජංගම දුරකථන හා පරිගණක යෙදුම් භාවිතයෙන් සිදුකිරීමේදී දෙමාපියන් වඩා සැලකිලිමත් වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම සංගමය කියා සිටියේ මේ තත්වය යටතේ කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් සිදුවන සයිබර් අපරාධ කරුවන්ගේ ක්‍රියාත්මක වීමක් නිරීක්ෂණය කිරීමට හැකිවී ඇති බවයි.

දෙමව්පියන් විසින් අන්තර්ජාලය හරහා දරුවන් අධ්‍යාපනික කටයුතු සදහා යොමුකිරිම බොහෝමයක් දරුවන් අවස්තාවක් කරගනිමින් විවිධ වෙබ් අඩවි සදහා පිවිසීමට, අධ්‍යාපන කටයුතු වල නිරතවන මුවාවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල කාලය කා දැමීම වැනි කටයුතු සදහා යොමුවේ.

විශේෂයෙන්ම මෙවැනි කාල පරාසයන් තුල දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩ දීමේදී දෙමව්පියන්ගේ නිසි අධීක්ෂණයක් නොමැති වීම සහ දෙමව්පියන්ගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ඉතා පහල මට්ටමක පැවතීම දරුවන් ඉතා පහසුවෙන් සයිබර් අපරාධ කරුවන්ගේ ග්‍රහණයට නතුවිය හැකි හේතුවක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

මේ හේතුවෙන් දරුවන් ඉගෙනුම් කටයුතු සදහා අන්තර්ජාලය භාවිතා කරන අවස්තා වලදී දරුවන් සිදුකරන්නේ මොනවාදැයි සොයාබැලීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් දෙමාපියන්ට දැනුම් දෙමු.

Leave a comment

Your email address will not be published. Required fields are marked *