• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කරනැයි මැකෝ වෙත පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

2 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් පාලන ආයතනවල නිල කාලය2023 මාර්තු මස 19 වන දින වන විට අවසන් වීමට නියමිත අතර කඩිනමින් මැතිවරණය ප්‍රකාශයට පත්කර ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කරදෙන ලෙස පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් මගින් ඉල්ලා තිබේ.

අදාල ලිපියෙහි සඳහන් වන්නේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතවී තිබුණද මැතිවරණ කොමිෂන් සභාවට, නව කොමිෂන් සභාව පත්වන තෙක් තමන්ගේ මූලික වගකීමක් හා සාමාන්‍ය ක්‍රියාවලියේ කොටසක් වන පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට කිසිදු බාධාවක් නොවන පසුබිමක නැවත වරක් මැතිවරණය කල්දැමීමට ලක්වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවටද චෝදනා එල්ලවීම වැළැක්විය නොහැකිවනු ඇති බවයි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොම කල ලිපිය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

සභාපතිතුමා,
මැතිවරණ කොමිෂන් සභාව,
සරණ මාවත,
රාජගිරිය.
2022-11-02

සභාපතිතුමනි,

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත්කිරීම

පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු මස අවසන් වූ අතර විෂය භාර අමාත්‍යවරයාගේ බලතල ප්‍රකාරව දීර්ඝ කරන ලද වසරක කාලයද 2023 මාර්තු මස 19 වන දින වන විට අවසන් වීමට නියමිත බව ඔබතුමා ඇතුලු අප සැවොම දන්නා කරුණකි.

එමෙන්ම මේ වන විට රජය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමට හේතුවන ආකාරයේ විවිධ සංශෝධන යෝජනා ගෙන එන බවද නොරහසකි. එම යෝජනා අතර සමහර යෝජනා ඉතා සාධනීය ඒවා වුවද ඒවා ක්‍රියාත්මක කිරීමට ගතවන කාලය අනුව සහ මෙවැනි සංශෝධන අරභයා මීට පෙර අවස්ථාවල අත්දැකීම් සලකා බැලීමේදී පෙනී යන කරුණ වනුයේ, මෙම ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ දින නියමයකින් තොරව මැතිවරණය කල්යෑම බවය.

මෙම තත්ත්වය වළක්වාගැනීම සඳහා මේ මොහොතේ බලය ඇති එකම ආයතනය වන ඔබ කොමිෂන් සභාව කඩිනමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත්කරනු ලැබුවහොත් එය කල්දැමීමට කිසිදු ආයතනයකට හැකියාවක් නොලැබෙනු ඇත.
මීට පෙර මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට බාධකයක්ව පැවති 2022 ඡන්ද නාමලේඛනය 2022 ඔක්තෝබර් 31 දින වන විට සහතික කර ඇතැයි විශ්වාස කරමු.

එබැවින් කඩිනමින් මැතිවරණය ප්‍රකාශයට පත්කර ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කරදෙන ලෙස ඔබතුමා ප්‍රමුඛ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිමු. එසේ නොවුනහොත් යම්හෙයකින් මැතිවරණය කල්දැමීමට උත්සාහ දරණ ආකාරයේ සංශෝධනයක් ගෙන ඒම හරහා නැවත වරක් මැතිවරණය කල්දැමීමට ලක්වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවටද චෝදනා එල්ලවීම වැළැක්විය නොහැකිවනු ඇත.

මේ වන විට 21 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතවී තිබුණද මැතිවරණ කොමිෂන් සභාවට, නව කොමිෂන් සභාව පත්වන තෙක් තමන්ගේ මූලික වගකීමක් හා සාමාන්‍ය ක්‍රියාවලියේ කොටසක් වන පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට කිසිදු බාධාවක් නොවන බවට අප තරයේ විශ්වාස කරමු.

මේ පිළිබඳව ඔබතුමන්ගේ කඩිනම් අවධානය යොමුකරන මෙන් ඉල්ලා සිටිමු.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

පිටපත් : සමන් ශ්‍රී රත්නායක මහතා, මැතිවරණ කොමසාරිස් ජනරාල් / උනන්දුවක් දක්වන සෙසු පාර්ශව

Post Views: 4
Previous Post

ලෝක නගර දින සැමරුමට සමගාමීව කැස්බෑව නගර සංවර්ධන සැලසුමට අත්සන් තබයි

Next Post

ආණ්ඩුව විසින් කරනු ලබන මර්දනයට එරෙහි පා ගමනක්

editor

editor

Next Post

ආණ්ඩුව විසින් කරනු ලබන මර්දනයට එරෙහි පා ගමනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved