27 April 2024
#දේශීය

ලෝක නගර දින සැමරුමට සමගාමීව කැස්බෑව නගර සංවර්ධන සැලසුමට අත්සන් තබයි

ලෝක නගර දින සැමරුමට සමගාමීව කැස්බෑව නගර සංවර්ධන සැලසුමට අත්සන් තැබීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (1) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

ඒ අනුව ඉදිරියේදී කැස්බෑව නගරය “ හරිත කැදැල්ල” ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

කොළඹ නගරයේ කළබලකාරී පරිසරයෙන් මිදී මිනිසුන්ට කායික හා මානසික සුවය ලබාගත හැකි නගරයක් ලෙස කැස්බෑව නගරය සංවර්ධනය කෙරෙනු ඇත. නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය වසරේදී නගර සැලසුම් 22ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඉන් නගර සැලසුම් 7ක් මේ වනවිටත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කොට ඇත. කොළඹ, කෝට්ටේ, දෙහිවල, මහරගම, හෝමගම, නුවරඑළිය සහ කන්තලේ එලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති නගර සැලසුම්වේ.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, කැස්බෑව නගර සභාවේ නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *